මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනිසුන් වශයෙන් ප්‍රශ්න විසදීමට දක්ෂ විය යුතුයි

    ජූනි 24, 2014
    මිනිස්සු වශයෙන් ප්‍රශ්න විසඳන්නට දක්ෂතාව තිබිය යුතු විනා කළ යුත්තේ මරාගැනීම නොවන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
     
    මරා නොගෙන සීලාචාර සීමාව අභ්‍යන්තරයේ සිට ප්‍රශ්නය විසඳා ගැනීම කළ යුතු බවත් මරා ගන්නා ක්‍රමය තිබෙන්නේ වනාන්තර තුළ බවත් එය එහි නීතිය බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා අප ජීවත්වෙන්නේ කැලේක නොව මනුෂ්‍ය සමාජයක බවත් පැවසීය.
     
    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 16ක වියදමින් මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කරන ලද ග්‍රෑන්ඩ්පාස් ස්ටේස්පුර ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණයෙන් පසු ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
     
    "කුමන පැත්තකින් කුමන ආකාරයට පැමිණිය ද සාමකාමී ජනතාව මත විනාශය පැටවීමට කටයුතු කරන විදේශ රටවලින් ආධාර ලබාගන්නා අන්තවාදී කල්ලිවල ක්‍රියාකාරීත්වය නතර කිරීම සඳහා ආණ්ඩුවට බලකළ යුතුයි. බල අරමුණු ඇති අයට තමයි භේදය ඇති කිරීම වුවමනා වන්නේ. භේදය තුළින් තමයි ඔවුන්ගේ බල අරමුණු ඉටුකරගත හැකි වන්නේ. ශ්‍රී ලංකාවේ සිටින සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකිනෙකාට එරෙහිව කා කොටාගන්නා තෙක් තමයි ඇතැම් බටහිර රටවල් බලාගෙන ඉන්නේ. ඒ නිසා සිංහල, දෙමළ, මුස්ලිම් ජන සමාජයන් තුනට තම තමන්ගේ ජන සමාජයන තුළ ඉන්න ඒ බටහිර උවමනාව ඉටුකරන පාපී බලවේගයන් ප්‍රතික්ෂේප කළ යුතුයි".
     
    යුද්ධය අවසන් කරමින් මේ රටට තිබුණ ලොකුම බය නැති කළේ අලුත් බයවල් උපද්දවා ගැනීමට නොවන බවත් ඒ නිසා අපි විසින් සමගියෙන් මේ තත්ත්වය ජයගත යුතු බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා ආවේගශීලී නොවී දිනාගත් සාමය ලේ පැල්ලම්වලින් කැත කරන්නට දෙන්න එපා යැයි ද කීය.
     
    පවුල් 6000කට ආසන්න ප්‍රමාණයක දරුවන්ට ක්‍රීඩා කිරීම සඳහා මෙම ක්‍රීඩාපිටිය නවීකරණය කිරීම පිළිබඳව ප්‍රදේශවාසී ජනතාව විසින් විමල් වීරවංශ අමාත්‍යවරයාට විශේෂ සමරු ඵලකයක් ද පිරිනමනු ලැබීය.
     
    මෙම අවස්ථාවට කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, ගුණතිස්ස ගීකියනගේ, සමන් අබේගුණරත්න, රම්සි ටෝනි, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ  අතිරේක ලේකම් (නිවාස) කේ. ඒ. තිලකරත්න, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුමිත් වන්නිආරච්චියන මහත්වරු, නිලධාරීහු ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya