මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ රටේ ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන කාලපරිච්ඡේදයක්

    ජූනි 23, 2014

    දකුණු ආසියාවේ තිබෙන නවීනතම ස්වයංක‍්‍රීය ගුවන්යානා තෙල් සැපයීමේ මධ්‍යස්ථානය ඉදිකිරීමත් සමග අපේ රටේ ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන කාලපරිච්ඡේදයක් ආරම්භ කිරීමට ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යංශයට හැකි වී තිබෙන බවත් මෙය ඉදිකර අතිගරු ජනාධිපතිතුමන් අතින් විවෘත කිරීමට හැකිවීම පිළිබඳව තමන් අතිශයින් සතුටු වන බවත් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා මත්තල දී පැවසීය.


    අමාත්‍යතුමා මේ බව පැවසුවේ මත්තල මහින්ද රාජපක්ෂ අන්තර් ජාතික ගුවන් තොටුපළෙහි ඉදිකළ නවීනතම ඉන්ධන සැපයුම් පර්යන්තය විවෘත කිරීමේ උළෙලට සහභාගී වූ පිරිස අමතමිනි.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමරු ඵලකය විවෘත කරමින් මෙම ගුවන් යානා ඉන්ධන සැපයුම් පර්යන්තය ද ඉන් අනතුරුව ඉන්ධන සේවා සැපයුම් නල පද්ධතිය ද සුභ මොහොතින් ඊයේ (22) විවෘත කළේය.


    එම අවස්ථාවේ පළමුවෙනි ගුවන් යානයට ඉන්ධන සැපයීමේ කාර්යය ද ඉටු කෙරුණේ ජනාධිපතිතුමා අතිනි. එම යානය ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයක් විය.


    මෙම උත්සවය අමතමින් අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා මෙසේ ද පැවසීය.


    “රටේ දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වශයෙන් සංවර්ධනය වන මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය අංගයක් තමයි ගුවන් යානාවලට තෙල් සැපයීම. ගුවන් ප‍්‍රවාහනයේ වැදගත්ම අංගය හා වඩාත් කාර්යක්ෂයමව හා සුරක්ෂිතව ක‍්‍රියා කළ යුතු නියමිත ප‍්‍රමිතීන් අනුගමනය කරමින් ඉන්ධන සැපයීම සිදුකළ යුතුයි.  අතිගරු ජනාධිපතිතුමන් විසින් ගුවන් ඉන්ධන පර්යන්තය විවෘත කිරීමත් සමග දකුණු ආසියාවේ තිබෙන නවීනතම ස්වයංක‍්‍රීය ගුවන්යානා තෙල් සැපයීමේ මධ්‍යස්ථාන සහිත ගුවන් තොටුපළක් බවට මත්තල මහින්ද රාජපක්ෂ අන්තර් ජාතික ගුවන් තොටුපළ පත්වෙනවා.


    මෙම ඉදිකිරීමත් සමග මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළ තුළින් ලොව  ඕනෑම ගුවන් යානා සඳහා තරගකාරී ආකාරයෙන් සුවීශේෂි උසස් සේවාවක් සැපයීමට හැකි වෙනවා. මත්තල ගුවන් යානා තෙල් පර්යන්තය වර්තමාන ඉන්ධන ධාරිතාව ඉන්ධන ලීටර් මිලියන තුනක් වන අතර ලොව දැනට භාවිතා කරන උසස් තාක්ෂණය මෙවලම්වලින් යුත්තව ගුවන් යානා තෙල් සැපයුම් පද්ධතිය, ගිනි නිවීමේ ඒකකය සහ ගිනි අනතුරු හඳුනාගැනීමේ ඒකකය ඇතුළුව ගුවන් යානා තෙල් සැපයුම් අංශයේ සියලු පහසුකම් සහිතව මේ තෙල් සැපයුම් පර්යන්තය ඉදි කර තිබෙනවා.


    මෙම ඉදිකිරීම් සඳහා රුපියල් බිලියන 05ක් (මිලියන 5000ක්) ආයෝජනය කළා. මෙය ලොව  ඕනෑම ගුවන් යානයකට ඉන්ධන සැපයීමේ ධාරිතාවයකින් යුක්තව ඉදිකර තිබෙනවා. එසේම දකුණු ආසියාවේ නවීනතම ස්වයංක්‍රීය ගුවන් තෙල් සැපයීමේ පර්යන්තය වන මෙය අති නවීන ජර්මානු තාක්ෂණය යටතේ ඉදිකර තිබෙනවා. මෙම පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය සහ ස්වයංක‍්‍රීයව ගුවන් යානයකට මධ්‍යස්ථානයේ සිට ගුවන් තෙල් සැපයීම දැකබලා ගැනීමට හැකියාව තිබෙනවා. අන්තර් ජාතික ගුවන් තොටුපළකට තිබිය යුතු ප‍්‍රධාන අංගයන් සම්පූර්ණයෙන්ම සාර්ථකව මත්තල ගුවන්තොටුපළේ ඉදිකර අවසන්. එය මත්තල ගුවන්තොටුපල සංවර්ධනයේ ඉතාමත්ම වැදගත් සංධිස්ථානයක් හැටියට සලකන්න පුළුවන්. ඛනිජ තෙල් සංස්ථාව මෙම ආයෝජනය සාර්ථක කර ගැනීමට විශාල පරිශ‍්‍රමයක් දැරුවා. ආයතනයේ සේවක සහයෝගයක් නොමැතිව කිසිදු ආයතනයකට තමන්ගේ ඉලක්ක සපුරාගැනීමට නොහැකියි. මෙම කාර්ය සාර්ථකවීම පසුපස මෙහි නිලධාරීන් සිටිනවා. ඒ හැම දෙනාටම මේ අවස්ථාවේ දී මා ස්තුතිවන්ත වෙනවා.


    අනාගත ඉන්ධන ඉල්ලුම සැපිරීමට හැකිවන අයුරින් ගුවන්තොටුපළ ගුවන්යානා ඉන්ධන සැපයුම් පර්යන්තය හා ඉන්ධන සැපයුම් නල පද්ධතිය සකස් කිරීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කළා.  ඒ අනුව මත්තල ගුවන්යානා තෙල් පර්යන්තය වර්තමාන ඉන්ධන ධාරිතාව ඉන්ධන ලීටර් මිලියන තුනක් දක්වා වර්ධනය කිරීමට හැකිවී තිබෙනවා.


    මෙම ඉදිකිරීමත් සමග අපේ රටේ ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන කාලපරිච්ඡේදයක් ආරම්භ කිරීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාවට හැකි වී තිබෙන්නේ යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


    මෙම අවස්ථාවට සිවිල් ගුවන්සේවා අමාත්‍ය පියංකර ජයරත්න, නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, ඛනිජතෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඌව පළාත් මහාමාත්‍ය ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ මහත්වරුන් ද ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් සහ අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා ඇතුළු අමාත්‍යංශයේ නිලධාරීන්, සේවක සේවිකාවන් ඇතුළු පිරිසක් ද එක් ව සිටියහ.


    HC/pixs: GID_PD Ranjith

    MMRIA new tank farm openning

     

    MMRIA new tank farm openning 1

    MMRIA new tank farm openning 2

     

    MMRIA new tank farm openning 3

    MMRIA new tank farm openning 4

    MMRIA new tank farm openning 5

    MMRIA new tank farm openning 6

    MMRIA new tank farm openning 7

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya