මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පදවිය අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන්ට අධ්‍යාපන උපකරණ

    ජූනි 23, 2014

    පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී දරුවන්ට පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්ලැන් ශ්‍රී ලංකා ආයතනය එක්ව ආරම්භ කර ඇත.

    මේ අනුව එම වැඩසටහනේ මුල් අදියර යටතේ පදවියේ ගොවි ජනපදයේ දරු දැරියන් 100 දෙනෙකුට අධ්‍යාපන උපකරණ මෙන්ම ප්‍රවාහන අපහසුතා ඇති ප්‍රදේශවල දරු දරියන්ට පා පැදි ලබාදීම ද ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි.පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති මෙම වැඩසටහනේ දී ප්ලැන් ශ්‍රී ලංකා ආයතනයේ අනුග්‍රහයෙන් එම කාර්යාල සඳහා පුටු මේස ඇතුලු කාර්යාලීය උපකරණ ලබා දීම ද මෙහිදී සිදු කෙරිණ.

     

    උපකරණ හා එම කාර්යාලීය උපකරණවල වටිනාකම රුපියල් හය ලක්ෂ පනස් දහසක්  පමණ වේ.දරුවකුට ගමේ පාසලට යා නොහැකි අවාසනාවන්ත කාලයක් එදා පැවති බවත්, අද සියලු ම රටවැසියන් භුක්ති විඳින නිදහස ලැබුනු ආකාරය ඇතැමුන්ට අමතක වී අති බවත්, පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති අධ්‍යාපන උපකරණ බෙදා දීමේ උත්සවයට සහභාගී වෙමින් අදහස් දැක්වූ  ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.
    තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසුවේ, “දෙමාපියන්ගේ ආර්ථික අපහසුතා දරුවන්ට බරක් නොකර නිදහසේ ඉගෙන ගැනීමට අවස්ථාවක් මේ මගින් උදාවෙලා තියෙනවා. අනාගතයේ දරු පරපුර උගත් දරුවන් බවට පත් කිරීමේ එක් මෙහෙයුමක් විදියට මෙය සලකන්න පුලුවන්. ගමේ දරුවන් ද නගරයේ දරුවන් ද වෙනසක් නැතිව ලංකාවේ දරුවන්‍ ලෝකයේ ඉදිරියේ මුල් තැන ගැනීමයි වියයුතු.

     

    ලංකාවට පාඩම් උගන්වන අයට ලංකාවෙන් පාඩම් ඉගැන්වීමයි අවශ්‍ය. එය බැරි නැහැ. හඳට පය තියලා විතරක් මදි. හඳේ වගා කරන්නත් පුලුවන් උගත්, බුද්ධිමත් දරුවන් අප රටෙන් බිහිවේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන තමන්ගේ පටු අරමුණු ඉෂ්ඨ කර ගැනීමට උද්ඝෝෂණ, පෙළපාලි, තවත් නොයෙක් ආකාරයේ ක්‍රම සැලසුම් කර ක්‍රියාත්මක කරන්න හැදුවත්, ඒ සංවිධාන සුන්වෙලා කඩන් වැටෙන්නේ පරවුන මල් ගහෙන් වැටෙනවා වගේ. එයින් ප්ලැන් ශ්‍රී ලංකා ආයතනය කියන්නේ යුධ ගැටුම් තිබු අවධියේ පටන් මේ වනතෙක්ම උදව් උපකාරවලින් අඩුවක් නොමැති පටු අරමුණු නැති පැහැදිලි දැක්මක් ඇති සංවිධානයකි.”පදවිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්ම ශ්‍රී සෝමතිලක, පදවිය ප්‍රාදේශීය ලෙක්ම් ජී.එම්.කේ.ආර්. ප්‍රියදර්ශන යන මහතවරුන් ද මෙහිදී අදහස් දැක්වීය.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya