මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ පීඨයට මුල්ගල් තැබීම හෙට

    ජූනි 23, 2014
    කඩුවෙල, බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ පීඨය සඳහා මුල්ගල් තැබීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා , නිවාස හා  පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (24) පෙරවරු 10.00ට එම විද්‍යාලයේ දී සිදුකිරීමට නියමිතය.
     
    “ මහින්ද චින්තන ඉදිරි දැක්ම ” අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්විතීක පාසල් 1000ක්  සංවර්ධනය ආරම්භ කරමින් ඒ සඳහා මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර 1000ක් රට පුරා ඉදිවෙමින් පවතී. මේ පාසල් අතරින් තෝරාගත් පාසල් 250ක් තුළ ක්‍රියාත්මක කරන තාක්ෂණික විෂය ධාරාව සඳහා ඉදිකරනු ලබන මහින්දෝදය තාක්ෂණ පීඨය මෙදින ආරම්භ වේ.
     
    පුරා  සියවසකට වඩා ඉතිහාසයකට හිමිකම් පාන බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ දැනට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3200ක් පමණ අධ්‍යාපනය හදාරන අතර ගුරු මණ්ඩලය 144කි.
     
    මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන නායකයින්, බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති යූ.ඩී. අයි. සී.  ද සිල්වා මහතා, අවට විදුහල්වල විදුහල්පතිවරුන්, පාසලේ ගුරු මණ්ඩලය, දෙමව්පියන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya