මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර මහින්දෝදය විද්‍යාගාර 37ක් සඳහා මිලියන 296ක්

    ජූනි 23, 2014
    රට පුරා පාසල් දහසක් සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මාතර දිස්ත‍්‍රික්කයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 37ක් ඉදිකෙරෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 296ක් වෙන්කර තිබේ. 
     
    මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක මෙම විද්‍යාගාර ඉදිකෙරේ. 
     
    ඒ අනුව මාතර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 06ක් ද, වැලිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 05ක් ද, පස්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 04ක් ද, අකුරැස්ස ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල්  03ක් ද, කොටපොළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 03ක් ද, හක්මණ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 03ක් ද, පිටබැද්දර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 02ක් ද, තිහගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 02ක් ද, දෙවිනුවර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 02ක් ද, මුලටියන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 02ක් ද, කඹුරුපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 01ක් ද, වැලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 01ක් ද, අතුරලිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 01ක් ද, කිරින්ද - පුහුල්වැල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 01ක් ද, දික්වැල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 01ක් ද වශයෙනි.
     
    දැනට පාසල් 14ක විද්‍යාගාර ඉදිකොට අවසන් කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 112ක් වැයකර තිබේ. ඉතිරි පාසල් 23ක ඉදිකිරීම් ඉදිරියේදී අවසන් කිරීමට නියමිතය.
     
    DB/ TI Dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya