මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාතේ ස්වයං රැකියාලාභීන්ට කිකිළි පැටවුන් බෙදා දේ

    ජූනි 23, 2014

     

    ඌව පළාතේ රැකියා වියුක්තික තරුණ තරුණියන්ගේ ස්වයං රැකියා තත්ත්වය නඟාසිටුවීම සඳහා පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් ලක්ෂ 05කට අධික පිරිවැයකින් යුතු කිකිළි පැටවු  බෙදාදීමේ උත්සවයක් පසුගියදා සිදු කෙරිණ.
     
     
    මෙම උත්සවය බදුල්ල, පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සිදුකෙරුණ. මෙම උත්සවයේ දී එක් අයකුට කිකිළි පැටවු 10 දෙනා බැඟින් තරුණ තරුණියෝ 1196 දෙනෙකු සඳහා  කිකිළි පැටවුන් බෙදා දීම සිදුවිය.
     
    මෙහිදී  අදහස් දැක්වු  අමාත්‍යවරයා පැවසුවේ, විවිධ අවස්ථාවන්හිදී ස්වයං රැකියා අවස්ථා නඟාසිටුවීම සඳහා අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් කිකිළි පැටවුන් බෙදා දුන් බවත්, අද වන විට ඔවුන් ස්වෝත්සාහයෙන් නැඟීසිටින බවත්ය.
     
    මෙම අවස්ථාව සඳහා ලංකා කම්කරු කොංග්‍රස් සභාපති, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම්, ඌව පළාත් බලශක්ති අමාත්‍ය සෙන්දිල් තොන්ඩමාන්, හිටපු ඌව පළාත් මන්ත්‍රී ලෝගනාදන් යන මහත්වරු ඇතුළු පශු සම්පත් අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු පිරිසක්  සහභාගි වූහ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya