මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිසංස්කරණය කරන ලද ග්‍රෑන්ඩ්පාස් - ස්ටේස්පුර ක්‍රීඩාංගණය ජනතා අයිතියට

    ජූනි 22, 2014
    රුපියල් ලක්ෂ 16 ක වියදමින් මුළුමනින්ම ප්‍රතිසංස්කරණය  කරන ලද ග්‍රෑන්ඩ්පාස් - ස්ටේස්පුර ක්‍රීඩාංගණය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (22)  පස්වරු 4.00 ට  එම ජනාවාසයේදී ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
     
    ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක ජන සෙවණ ස්වශක්ති මානව සංවර්ධන වැඩසටහන යටතේ මෙය ප්‍රතිසංස්කරණය  සිදුකර ඇත.
     
    134 වත්ත ස්වශක්ති මානව සංවර්ධන සමිතියේ සහ ස්වශක්ති මානව සංවර්ධන සමාධි යෞවන සමාජයේ ඉල්ලීම පරිදි ඇමතිතුමාගේ උපදෙස් මත මෙය ප්‍රජා සහභාගීත්ව පාරිසරික හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරිමේ ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කර තිබේ.
     
    මෙම අවස්ථාවට නාගරික කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කොළඹ  මහ නගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල්, කොළඹ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් යන මහත්ම මහත්මීන් ඇතුළු  ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගීවිමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya