මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාගම්පුර වරායේ ඉන්ධන ගබඩා සංකීර්ණය හා ඉන්ධන පර්යන්තය අද විවෘත වෙයි

    ජූනි 22, 2014

    මාගම් රුහුණු පුර, මහින්ද රාජපක්ෂ වරායේ අභිනව ඉන්ධන ගබඩා සංකීර්ණය හා ඉන්ධන පර්යන්තය අද (22) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ.


    වරායට පැමිණෙන නැව්වලට ඉන්ධන සැපයීම අද සිට ආරම්භ කෙරේ.


    මාගම්පුර වරායේ බටහිර කොටසේ කරගම් ලේවාය පරිශ්‍රයේ හෙක්ටයාර 20ක පමණ ප්‍රදේශයක මෙම ඉන්ධන ගබඩා සංකීර්ණය ඉදිකර තිබේ.


    ඇමෙරිකානු ඩොලර් මිලියන 76ක විදයමින් ඉදිකොට ඇති නව ඉන්ධන ගබඩා සංකීර්ණය හා ඉන්ධන පර්යන්තයෙහි තෙල් ටැංකි 14කින් යුත් ටැංකි පද්ධතියක් ඉදිකර අතර, එහි සමස්ත ධාරිතාව ඝන මීටර් 80000කි. ඉන්ධන පර්යන්තය නෞකා ඉන්ධන ටැංකි 08කින් ද ගුවන් යානා ඉන්ධන ටැංකි 03කින් ද එල්.පී. ගෑස් ටැංකි 03කින් ද සමන්විත වේ.


    අද පැවැත්වෙන විවෘත කිරීමේ සමාරම්භක අවස්ථාවට දේශපාලන අධිකාරීහු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.

     

    HC/DB

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya