මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රම්බොඩ රජයේ විශ්‍රාමිකයන්ගේ නිවාඩු නිකේතනය ජනතාවටත් විවෘතයි

    ජූනි 21, 2014

    ජනතාවට රම්බොඩ රජයේ විශ්‍රාමිකයන්ගේ නිවාඩු නිකේතනය විවෘත කිරීම පසුගිය සිකුරාදා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


    විශ්‍රාම වැටුප් දෙපාර්මේන්තුවේ මූල්‍ය අනුග්‍රහය මත අභිනවයෙන් ඉදි වූ මෙම රජයේ විශ්‍රාමිකයන්ගේ නිවාඩු නිකේතනය සුන්දර රම්බොඩ ඇල්ලට මුහුණලා පිහිටා තිබේ. රුපියල් මිලියන 30කට ආසන්න මුදලක් වැයකොට මෙම නිවාඩු නිකේතනය ඉදි කොට ඇති අතර එය ඉතා ඉහළ පහසුකම්වලින් සමන්විතය. රජයේ විශ්‍රාමිකයන්ට ප්‍රමුඛ වූ මෙම නිවාඩු නිකේතනය විශ්‍රාමික නොවන රජයේ නිලධාරීන්ට ද පෙර දැනුම් දීමකින් වෙන් කර ගත හැක.

     

    ramboda resort


    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ අදහසක් අනුව 2009 වසරේ ජනවාරි 14  දින මෙම නිවාඩු නිකේතනය සඳහා මුල්ගල තැබීම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කේ.ඒ. තිලකරත්න මහතා සහ  රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ. දිසානායක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.


    මේ නිවාඩු නිකේතනය පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීම සඳහා www.rambodaresort.lk වෙත යොමු විය හැකි බව නුවරඑළිය අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.


    මෙම උත්සවයට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක මහතා, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් පී.බී. අබේකොන් මහතා ප්‍රමුඛ අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් මෙන්ම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහතා, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජී. දඩල්ලගේ මහතා ඇතුළුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් සහ දිස්ත්‍රික් ලේකම්වරු කිහිපදෙනෙක් ද සහභාගී වී සිටියහ.


    NDH/SH_dmu_nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya