මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරනැගුම යටතේ පරිගණක හා සන්නිවේදන උපකරණ

    ජූනි 22, 2014
    පසුගාමී පළාත් පාලන ආයතන නඟාසිටුවීම සඳහා මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය ක්‍රියාත්මක කරනු ලබන පුරනැගුම ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන ආයතන 108ක් සඳහා පරිගණක යන්ත්‍ර හා සන්නිවේදන උපකරණ ලබාදීම පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (23) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කෙරේ.
     
    පුරනැගුම දෙවැනි අදියර ලෙස ක්‍රියාත්මක වන මෙම පරිගණක හා සන්නිවේදන උපකරණ ලබාදීමේ වැඩසටහන පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුළ මහජනතාවට සරල කාර්යක්ෂම හා ඵලදායි මහජන සේවාවක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරේ.
     
    මෙම ව්‍යාපෘතිය යටතේ දිවයිනේ පළාත් 07ක පසුගාමී පළාත් පාලන ආයතන 108ක් තෝරාගෙන ඇත. ශ්‍රී ලංකා රජය හා ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ රුපියල් මිලියන 8596ක වියදමින් එම පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya