මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැයට කිරුළට සමගාමීව දකුණේ දසදහසකට ඉඩම් ඔප්පු

    ජූනි 22, 2014
    දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන 2015 දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩපිළිවෙළ හා ප්‍රදර්ශනයට සමගාමීව දකුණු පළාතේ රජයේ ඉඩම්වල පදිංචි දසදහසකට නීත්‍යනුකූල ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට රජය කටයුතු සැලසුම් කොට තිබේ.
     
    දැයට කිරුළ ප්‍රදර්ශනයට අදාළ දිස්ත්‍රික්කවල පදිංචි ජනතාවගේ ඉඩම් ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
     
    දැයට කිරුළ ප්‍රදර්ශනය මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන බැවින් මෙසේ ලබාදෙන ඉඩම් ඔප්පු 10,000න් ඉඩම් ඔප්පු 5000ක් මාතර දිස්ත්‍රික්කය තුළ පිහිටි ඉඩම් වෙනුවෙන්ද, ඉතිරි 5000ක ප්‍රමාණය හම්බන්තොට හා ගාල්ල දිස්ත්‍රික්ක තුළ පිහිටි ඉඩම් වෙනුවෙන් ද ලබාදීමට ද සැලසුම් කොට ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya