මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙමව්පියන්ගෙන් පසුව දරුවාව නිර්මාණය කරන්නේ පෙරපාසල් පාලිකාවයි

    ජූනි 21, 2014

    දරුවෙක්ව ලොව ජයගත හැකි පුද්ගලයෙක් බවට පත් කරන්නේ පෙරපාසල් පාලිකාව වන අතර එහි මුල් අඩිතාලම හරියට වැටෙන නිසා දරුවෙකුට තමන්ගේ ජීවිතයේ උපරිම තැනට යන්නට හැකි බවත් දෙමව්පියන්ගෙන් පසුව දරුවාව නිර්මාණය කරන්නේ පෙරපාසල් පාලිකාව බවත් වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (20) කුරුණෑගල සකුරා ගුරු පුහුණු විද්‍යාලයේ පැවති පාඨමාලා අවසන් කර විසිර යන පෙරපාසල් පාලිකාවන් 413 දෙනෙකුට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

    එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, "අපි පෙරපාසල් අධ්‍යාපනයේ වැඩපිළිවෙළවල් රාශියක් ආරම්භ කර තියෙනවා. අද පෙරපාසල් පාලිකාවන් 3500ක් වයඹ පළාතේ ඉන්නවා. ඉන් 3000ක් පමණ පාලිකාවන් ගුරු පුහුණුව ලබාගෙන තියනවා. අතීතයේ පෙරපාසල් අද පෙරපාසල් සමඟ බලන විට ඉගැන්වීම් ක්‍රම අහසට පොළොව වගේ. දරුවාට තමන්ගේ ජීවිතයේ පළවෙනි මාර්ගය කියලා දෙන්නේ පෙරපාසල් පාලිකාවන්. දරුවෙක්ව ලොව ජයගත හැකි පුද්ගලයෙක් බවට පත් කරන්නේ පෙර පාසල් පාලිකාව.

    දෙමව්පියන්ගෙන් පසුව දරුවාව නිර්මාණය කරන්නේ පෙරපාසල් පාලිකාව. දරුවන්ගේ හැඟීම් ගැන හරි අවබෝධයක් තියෙන්නේ ගුරුවරුන්ට. එංගලන්තය, කැනඩාව වගේ රටවල්වල "කින්ඩ ගර්ටන්" කියලා ළමා උද්‍යාන පිහිටුවා ඇත. වයස අවුරුදු 1 සිට 5 දක්වා කාලයේ තමයි දරුවන්ගේ මනස සංවර්ධනය වෙන කාලය. මේ කාලයේදී තමයි දරුවාගේ මනසට හැමදේම ඇතුළු කරන්න පුළුවන්. මේ සියලුම දෙනාගේ අනාගතය ඔබේ අතේ තියෙන්නේ. දරුවන්ගේ රුචි අරුචිකම් තේරෙන්නේ නැත්නම් ඔබ නියම පෙර පාසල් පාලිකාවක් වෙන්නේ නැහැ. පෙරපාසල් පාලිකාවන් වෙනුවෙන් සුබසාධන අරමුදලක් ආරම්භ කරන්න වැඩපිළිවෙළක් සකස් කරනවා. මේ සියලුම දෙනා පුහුණු විය යුතුයි. සමහර පෙර පාසල් හොඳින් ක්‍රියාත්මක වෙනවා. අලුත් දේවල් ඔවුන්ට හඳුන්වලා දෙන්න. අද රැකී රක්ෂා ප්‍රශ්නය නිසා ගොඩක් අය ගෙදරට වෙලා ඉන්නවා. මේ තත්ත්වය නැති කරන්න මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධවීම ඉතා වැදගත්. පිටරට රැකියාවලට යන්න වුණත් හොඳ සුදුසුකමක් පෙරපාසල් ගුරු පුහුණුව සතු" ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මේ අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් වේඬරුව, වයඹ පළාත් සමාජ සේවා අධ්‍යක්ෂක කමල් අමරසිංහ, වයඹ පළාත් පූර්ව ළමා අධ්‍යක්ෂක සුමිත් සේනාරත්න සහ සකුරා ගුරු පුහුණු විද්‍යාලයේ විදුහල්පතිනි ප්‍රියන්ති මුන්මුල්ලගේ යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya