මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්තල ගුවන් තොටුපොළේ ගුවන් තෙල් අංගනය ජනපති අතින් හෙට විවෘත වෙයි

    ජූනි 21, 2014
    මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් තෙල් අංගනය සහ ගුවන්යානා ඉන්ධන නල පද්ධතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (22) විවෘත කිරීමට නියමිතය. 


    ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් විවෘත කිරීම සිදු කෙරේ.  

     

    ශ‍්‍රී ලංකා ගුවන්තොටුපොළ ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත වීමත් සමඟ දෛනිකව අවශ්‍ය වූ ගුවන්යානා ඉන්ධන සැපයුම් සේවා සැපිරීමට ඛනිජතෙල් සංස්ථාව කටයුතු කරන ලදී.  අනාගත ඉන්ධන ඉල්ලුම සැපිරීමට හැකි වන අයුරින් ගුවන්තොටුපොළ ගුවන්යානා ඉන්ධන සැපයුම් පර්යන්තය හා ඉන්ධන සැපයුම් නල පද්ධතිය සකස් කිරීමට ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශය සහ ලංකා ඛනිජතෙල් සංස්ථාව කටයුතු කෙරිණි.

     

    මෙම ඉදිකිරීමත් සමඟ මත්තල ගුවන්යානා තෙල් පර්යන්තය වර්තමාන ඉන්ධන ධාරිතාව ඉන්ධන ලීටර් මිලියන 03ක් වන අතර ලොව දැනට භාවිත කරන උසස් තාක්ෂණික මෙවලම්වලින් යුත්තව ගුවන්යානා තෙල් සැපයුම් පද්ධතිය, ගිනි නිවීමේ ඒකකය සහ ගිනි අනතුරු හඳුනාගැනීමේ ඒකකය ඇතුළුව ගුවන්යානා තෙල් සැපයුම් අංශයේ සියලු පහසුකම් සහිතව මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තෙල් සැපයුම් පර්යන්තය ඉදිකර ඇත. මේ සඳහා රුපියල් බිලියන 05ක් ආයෝජනය කර ඇති අතර ලොව ඕනෑම ගුවන් යානයකට ඉන්ධන සැපයීමේ ධාරිතාවකින් යුක්තව ඉදිකර තිබේ.
     

    මෙම ඉදිකිරීමත් සමඟ මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපොළ තුළින් ඒ 380 එයාර් බස් (ඉන්ධන ධාරිතාව ලීටර් 310,000),  ඇන්ටනොව් 124 (ඉන්ධන ධාරිතාව ලීටර් 384,000), බෝයිං 747 (ඉන්ධන ධාරිතාව ලීටර් 216,000), එයාර් බස් 340 - 300 (ඉන්ධන ධාරිතාව ලීටර් 150,000), බෝයිං 777-200 (ඉන්ධන ධාරිතාව ලීටර් 117,300) වැනි ගුවන්යානා සඳහා තරගකාරී ආකාරයෙන් සුවිශේෂි උසස් සේවාවක් සැපයීමට හැකියාව ලැබේ. මේ දක්වා කොලොන්නාව තෙල් බෙදාහැරීම් පර්යන්තයේ සිට ප‍්‍රවාහනය කර ඉන්ධන ලබාදීම සිදු කළ නව ඉදිකිරීමත් සමඟ ගුවන් ඉන්ධන සේවා සැපයීම තවදුරටත් පුළුල් වන බව ඛනිජතෙල් අමාත්‍යාංශය පවසයි.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya