මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පශ්චාත් අස්වනු තාක්ෂණ ප්‍රදර්ශනයක් හා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් අනුරාධපුරයේ දී

    ජූනි 20, 2014

    පශ්චාත් අස්වැන්න පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක්, අනුරාධපුරයේ පිහිටි එම තාක්ෂණ ආයතනයේ දී ඊයේ (19) පැවැත්විණි. සහල් ඇතුළු ධාන්‍ය මෙන්ම විවිධ බෝගයන් හි අස්වැන්න නෙළා ගැනීමෙන් පසුව ඒවා සුරක්ෂිත කර ගැනීම, නාස්තිය අවම කරගැනීම ආදී ක්‍රමවේදයන් හඳුන්වාදීම පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය මගින් සිදු ‍කරයි. ඒ පිළිබඳව ලෝක අවධානය යොමුකරමින් ජාත්‍යන්තර විද්වතුන් ද මේ සම්මන්ත්‍රණයට එක්වු අතර එයට ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුව දක්වන විශාල පිරිසක් එක්ව සිටියහ.


    2000 වර්ෂයේ ආරම්භ කළ, පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය ආරම්භ කර ඊයේ (19) දිනට වසර 14ක් ගතවේ. ඒ නිමිතිකර ගනිමින් අදාළ ‍ක්ෂේත්‍රය පිළිබඳව මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය පවත්වනු ලැබීය. එවැනි සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ පවත්වන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ.

    මීට සමගාමීව පසු අස්වනු නව නිපැයුම් යන්ත්‍රෝපකරණ ප්‍රදර්ශනයක් ද අද (20) පැවැත්වේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනය ආරම්භ කෙරිණ. මෙම ප්‍රදර්ශනයට නව නිපැයුම් යන්ත්‍ර 30කට අධික සංඛ්‍යාවක් එක්කර තිබේ.  ප්‍රදර්ශනය ආරම්භ කරමින් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ,  කෘෂි  ක්ෂේත්‍රයේ වර්ධනයට අවශ්‍ය සියලු පහසුකම් මේ වනවිට ගොවීන් වෙත ලබාදීම වත්මන් රජය මගින් ඉහළ මට්ටමින් සිදුකරන බවයි. මෙම අවස්ථාවට උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්, අනුරාධපුර දිස්ත්‍රික් අතිරේක දිසාපති ප්‍රසන්න මදනායක යන මහත්වරු ඇතුළු පිරිසක්  එක්ව සිටියහ.

     
    ECB/SB_dmu_Anuradapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya