මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර නගරය සංවර්ධනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

    ජූනි 20, 2014

    අතීත උරුමය‍ට හා පාරිසරික සංරක්ෂිතතාවට මුල්තැන දෙමින් අනුරාධපුර නගරය සංවර්ධනයට පියවර ගනී.ඒ පිළිබඳ පුර්ව සාකච්ඡා මේ දිනවල පැවැත්වේ. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ බව අනාවරණය කළේය. ඒ අනුව අනුරාධපුර නගරය තුළ පවතින සියලුම පොදු හා යටිතල පහසුකම්හි අවහිරතා මගහැරෙන පරිදි එය සංවර්ධනය කිරීමට පියවර ගැනේ.


    අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති රැස්වීමකට අනුරාධපුර පරිපාලන ප්‍රධානීන් සියලුදෙනා එක්ව සිටියහ. වාරිමාර්ග , පුරා විද්‍යා, මහා මාර්ග ආදී සෑම අංශයකම දැනට පවතින තත්ත්වය පිළිබඳව එහිදි එම‍ කේෂ්‍ත්‍රවලට අදාළ ප්‍රධානීන් සිය අදහස් ඉදිරිපත් කළහ. එම අංශවල පවතින දුර්වලතා මගහැරෙන පරිදි අනුරාධපුර නගර සංවර්ධනය පිළිබඳව නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට මේ අනුව තීරණය කළ බව අප අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

    මෙම නගර සංවර්ධන වැඩසටහන රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෙරේ. මෙහිදී අදහස් දැක්වූ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා පැවැසුවේ, පරිසර සුරක්ෂිතතාව හා ආපදා තත්ත්වයන් අවම වන පරිදි මෙම සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිය යුතු බවයි. අනුරාධපුර නගර සංවර්ධන නව වැඩපිළිවෙළට ප්‍රංශ ජාත්‍යන්තර නියෝජිත ආයතනය සහය දක්වන අතර, එම ආයතනය මේ සඳහා දැනටමත් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 60කි.

    ECB/SB_dmu_Anuradapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya