මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගනේතැන්න විදුහලේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීම හා තාක්ෂණ විද්‍යා පීඨයට මුල්ගල තැබීම අද

    ජූනි 21, 2014
    කෑගල්ල ගනේතැන්න මහා විද්‍යාලයේ ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමත් මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨයට මුල්ගල තැබීමත් අද (21) පෙරවරු 8.30ට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.


    මෙදින පෙරවරු 11.30ට හෙම්මාතගම නගරගිරි මහා විද්‍යාලයේ හා හෙම්මාතගම අල් අසාර් විද්‍යාලයේ නව මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර විවෘත කරනු ඇත. එම විද්‍යාලවල ඉදිකිරීමට නියමිත මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨ සඳහාත් මුල්ගල තැබීමට කටයුතු කෙරේ.

     

    ලබන 23 දින පෙරවරු 9.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල ගල්ගමුව මහා විද්‍යාලයේ නව මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීමට නියමිතය. 

     

    මෙදින පෙරවරු 10.30ට සියඹලාණ්ඩුව ඉදිකරන ලද ගුරු ගම්මානය ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.
     
    එදිනම පස්වරු 12.30ට මොණරාගල වැදිකුඹුර විද්‍යාලෝක විද්‍යාලයේ නවීකරණය කරන ලද පාසල් ගොඩනැගිලි සිසු අයිතියට පත්කිරීමත් සිදු කරනු ඇත.මේ අවස්ථාවට අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා, අමාත්‍ය සුමේධා ජී. ජයසේන, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්ම මහත්මීන් එක්වනු ඇත.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya