මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුරක්ෂිත විදුලි පරිභෝජනය පිළිබඳ කර්මාන්ත ශාලා හිමියන් දැනුවත් කිරීමක්

    ජූනි 21, 2014
    සුරක්ෂිත විදුලි පරිභෝජනය හා පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා හිමියන් දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් ලබන 27 දින ප.ව. 2.00 සිට ප.ව. 4.30 දක්වා මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. 
     

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා ක‍්‍රියාත්මක වන ප‍්‍රධානතම රාජ්‍ය ආයතනය වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා විදුලිබල ක්ෂේත‍්‍රයේ නියාමන ආයතනය වන ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂම් සභාව ඒකාබද්ධව මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කෙරේ. මේ වැඩසටහන් මාලාවේ දෙවැනි සම්මන්ත‍්‍රණය මෙයයි. 

     

    විදුලි අනතුරු අවම කර ගැනීම, ගුණාත්මක විදුලිබල සැපයුමක් තහවුරු කර ගැනීම, විදුලිබල සැපයුමේ පිරිවැය අඩුකිරීම සඳහා ලබා දෙන දායකත්වය හා විදුලිබල සැපයුමට අදාළ ගැටලු නිරාකරණය කරන ආකාරය ආදී කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

     

    එමෙන්ම විදුලිබල සැපයුමට අදාළව කර්මාන්තකරුවන් 2015දී මුහුණ දෙන ගැටලු පිළිබඳවත් මෙහිදී සාකච්ජාවට ලක් කෙරෙන අතර සුරක්ෂිත විදුලි පරිභෝජනයට අදාළ වන මුද්‍රිත ආධාරකද මෙහිදී නොමිලේ ලබා ගත හැක. 

     

    මෙම වැඩසටහන සඳහා සහභාගීවීමට කැමති මාතර දිස්ත‍්‍රික්කයේ කර්මාන්ත කරුවන්ට මේ සඳහා සහභාගීවන ලෙස  ව්‍යවසාය සංවර්ධන මණ්ඩලය  දන්වා  සිටී. මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර විස්තර මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ජාතික ව්‍යවසාය සංවර්ධන නිලධාරීන් වෙතින් ලබා ගත හැක. 

     

    2015 දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව මෙම වසර තුළ හම්බන්තොට, ගාල්ල හා රත්නපුර දිස්ත‍්‍රික්කවල මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට ද නියමිතය. 

     

    NDH/AP

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya