මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ දිස්ත්‍රික්කයේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය බැහැර කිරීම විශාල තර්ජනයක්

    ජූනි 20, 2014
    කොළඹ දිස්ත්‍රික්කය තුළ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය බැහැර කිරීම දිස්ත්‍රික්කයේ ජනතාවට විශාල තර්ජනයක් බව කොළඹ  දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගියදා පැවති පරිසර හා ඩෙංගු කමිටු රැස්වීමේදී සාකච්ඡා කෙරිණි.


    ඉලෙක්ට්‍රොනික් උපාංග භාවිතය දිනෙන් දින ඉහළ ගොස් තිබෙන අතර දිනපතා භාවිතයෙන් ඉවත් කරනු ලබන ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය අවිධිමත්ව බැහැර කිරීම මඟින් විවිධ පරිසර හා සෞඛ්‍ය ගැටලුවලට ජනතාව මුහුණ දෙමින් සිටින බව මෙහිදී වැඩිදුරටත් හෙළිවිය. 

     

    මේ පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා මනෝජා ප්‍රියදර්ශනී මෙනවිය පැවසුවේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එක්රැස් කිරීම හා නිසි පරිදි බැහැර කිරීම සඳහා ජාතික වැඩසටහනක් මධ්‍යම පරිසර අධිකාරිය මඟින් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙන බව පැවසුවාය.

     

    මධ්‍යම පරිසර අධිකාරිය මඟින් අවසර ලබා දී ඇති ගිවිසුම් සහගත ආයතන ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය මිලදී ගැනීමට ඉදිරිපත් සිටී. දිස්ත්‍රික්කයේ ප්‍රජාපාදක වැඩසටහන් 09ක් සූදානම් කර තිබෙන අතර ඒ අනුව මොරටුව, සීතාවක, කඩුවෙල, මහරගම, හෝමාගම, කැස්බෑව හා ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශවල මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද එතුමිය පැවසුවාය.

     

    මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්වරුන්, සෞඛ්‍ය බලධාරීන් හා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

     

    NDH/WJ_dmu_colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya