මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹට ගුරු විවේකාගාර 31ක්

    ජූනි 20, 2014
    වයඹ පළාතේ පාසල් 31කට ගුරු විවේකාගාර ඉදිකිරීමේ වැඩසටහන ආරම්භ කරමින් ඒ සඳහා මුල්ගල තැබීම වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) නාරම්මල මහා විද්‍යාලයේ සහ නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයේදී සිදු කෙරිණි.


    වයඹ ප්‍රධාන අමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව එක් ගුරු විවේකාගාරයක් සඳහා වැය කරනු ලබන මුදල රුපියල් ලක්ෂ 46කි. විවේකාගාර 31 සඳහා ප්‍රධාන අමාත්‍යතුමාගේ ප්‍රතිපාදන යටතේ පාසල් ගුරුවරුන් වෙනුවෙන් මෙම වැඩපිළිවෙල මාස 2ක් වැනි සුළු කාලයකදී කඩිනමින් අවසන් කිරීමට නියමිතය.

     
    එහිදී උත්සව සභාව ඇමතූ ප්‍රධාන අමාත්‍යවරයා, මෙම ගුරු විවේකාගාර ගොඩනැගීමට කටයුතු කරන්නේ සාම්ප්‍රදායික ලෙස පැරණි ගුරු විවේකාගාරවල පැවති ක්‍රමය වෙනස් කර දරුවන් සඳහා මීළඟ පාඩමට සූදානම් විය හැකි නවීන පහසුකම් සහිත පරිසරයක් සමඟ බව සඳහන් කළේය. අපේ අතිගරු ජනාධිපතිතුමා අපේ රටේ දරු පරපුර වෙනුවෙන් මහින්දෝදය විද්‍යාගාර ඇති කරමින් පවතී. ප්‍රාථමික සහ ද්විතීයක පාසල් සංකල්පය ගොඩනගමින් දරු පරපුරේ අධ්‍යාපනය වෙනුවෙන් දැවැන්ත මුදලක් වියදම් කළා. මේ නිසා ගුරුවරුන් වෙනුවෙන් යමක් කරන වැඩපිළිවෙළක් වයඹ පළාතෙන් ආරම්භ කරන්න සිතූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     

    ලබන වසරේ විද්‍යා විද්‍යාල (Science College), ඉංග්‍රීසි විද්‍යාල (English College) වගේම තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය මාර්ගෝපදේශ මධ්‍යස්ථාන (Carrier Guidance Center) ඇති කරවන්න මගේ අදහසයි. ඒ වගේම ප්‍රාථමික පාසල් ගුරු හිඟය නැති කරවන්න මේ වසරේ නව ප්‍රාථමික ගුරුවරු 252ක් බඳවා ගන්නවා. අපේ පළාතේ ජාතික පාසල්වල අතිරික්ත ගුරුවරු 312ක් සිටිනවා. පළාත් සභා පාසල්වලට ඒ අයව අනුයුක්ත කිරීමට කටයුතු කරනවා. මේ වසරේ නව පරිපාලන නිලධාරීන් 52ක් අපට ලැබී තියෙනවා. ඒ අයවත් අදාළ ස්ථානවලට යොමු කරනවා. ඒ වගේම මහා භාණ්ඩාගාරයෙන් තවත් රුපියල් මිලියන 300ක් ලබාගැනීමට කටයුතු කරන බවත් එම මුදල් වයඹ පළාතේ පාසල්වල ගොඩනැගිලි හදන්න යොදවන බවත් ඔහු පැවසීය.


    මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, නාරම්මල ප්‍රාදේශීය සභා සභාපති ඩී.එම්. සුමනසිරි, හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක ඇතුළු අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිතුමන්ලා ඇතුළු ගුරු භවතුන්, විද්‍යාලයන්හි ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දෙමාපියන් ඇතුළු සිසු දරු දැරියන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. 

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya