මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල 2016 වන විට ළමා ශ්‍රමයෙන් තොර කලාපයක් බවට පත් කෙරේ

    ජූනි 20, 2014

    කෑගල්ල දිස්ත්‍රික්කය ළමා ශ්‍රමයෙන් තොර කලාපයක් බවට පත් කිරීමේ වැඩසටහන පසුගිය දින ආරම්භ කරන ලදී.


    කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු  පිළිබඳ දිස්ත්‍රික් ඒකකය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.


    2016 වන විට කෑගල්ල දිස්ත්‍රික්කය ළමා ශ්‍රමයෙන් තොර කලාපයක් බවට පත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රමුඛතම අපේක්ෂාව වන බව මෙහිදී අදහස් දැක්වූ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා පැවසීය. ළමා ශ්‍රමයෙන් තොර දිස්ත්‍රික්කයක් ලෙස කෑගල්ල දිස්ත්‍රික්කය පත් කර ගැනීමේ දී මෙම වැඩසටහන දැනට ඉතා හොදින් ක්‍රියාත්මක රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආදර්ශ ලබා ගන්නා බව ද ඒ මහතා පැවසීය.  විශේෂයෙන් මෙම වැඩසටහනට රාජ්‍ය නිලධාරීන් ලෙස පූර්ණ සහයෝගය ලබා දෙන බව ද කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.


    කෑගල්ල දිස්ත්‍රික්කය ළමා ශ්‍රමයෙන් තොර කලාපයක් බවට පත් කිරීමේ ප්‍රකාශය කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ අතර, අදාළ ප්‍රතිඥාව භාෂා තුනෙන්ම සිදු කරන ලදී. ලියවිල්ලට අත්සන් කිරීම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු මෙම අවස්ථාවට සහභාගී වූ සියලු ම දෙනා විසින් සිදු කරනු ලැබීය.


    මෙම අවස්ථාවට කම්කරු හා කම්කරු අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.ජේ.එල්.යූ විජේවීර රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර, අන්තර් ජාතික කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ඩොන්ලින්ග් ලී යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

     ECB/LT/DP_dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya