මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල ප්‍රා/ලේ කොට්ඨාස 18ක ගවයින්ට කුර රෝග

    ජූනි 20, 2014

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18ක ගවයින්ට කුර රෝගයක් වැළදී ඇති බව පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී අනාවරණය කෙරිණ.


    මෙම ප්‍රදේශවලින් මේ වන විට සතුන් ප්‍රවාහනය නතර කර ඇති බවත්, මෙම රෝගය සතුන්ගේ ප්‍රතිශක්තිකරණයෙන්ම සුව වන රෝගයක් බවත් වයඹ පළාත් සෞඛ්‍ය හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එන්. තිලකරත්න මහතා එහිදී පැවසීය. මේ දිනවල එම සතුන් සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාදීම සිදු කෙරේ.

    වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටු රැස්වීම පවත්වන ලදී.


    ECB/AK_dmu_kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya