මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා විරහිත තරුණ තරුණියන් රැකියාගත කිරීමේ වැඩසටහනක් මාතර - පස්ගොඩ දී

    ජූනි 20, 2014

    ශ‍්‍රම වෙළඳපොළ තුළ පවත්නා රැකියා අවස්ථා හඳුනාගෙන මාතර දිස්ත‍්‍රික්කයේ රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන් ඒ වෙත යොමු කර ජාතික සංවර්ධනයට දායක කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද රැකියා විරහිත තරුණ තරුණියන් රැකියාගත කිරීමේ වැඩසටහනක් ලබන ජුනි 25 වැනිදා පෙ.ව. 9. 00ට මාතර - පස්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ‍්‍රයේ දී පැවැත්වේ.


    රැකියා වෙළඳපොළ තුළ රැකියා අවස්ථා බහුලව පැවතිය ද ඒ සඳහා යොමුවීම අවම මට්ටමක පවතින බැවින් රැකියා සේවා සපයන පෞද්ගලික ආයතන සහ රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන් එක් ස්ථානයකදී මුණගැස්වීම මෙහිදී සිදුකෙරේ.


    වෘත්තීය පුහුණු ආයතන ද මේ අවස්ථාවට සම්බන්ධ වන බැවින් වෘත්තීය මාර්ගෝපදේශකත්වය හා වෘත්තීය පුහුණු අවස්ථා වෙත යොමු වීමට අපේෂිත තරුණ තරුණියන්ට ඒ සඳහා ද අවස්ථාව හිමි වේ.


    මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය රැකියා සේවා මධ්‍යස්ථානය හා පස්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන අතර බෙරණ්ඩිනා රැකියා සේවා ආයතනය අනුග‍්‍රහය දක්වයි.


    HC/TI_dmu_matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya