මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බ්‍රෝඩ්ලන්ඩ් විදුලි ව්‍යාපෘතියේ දේපොළ අහිමිවූවන් සඳහා වන්දි මුදල් මිලියනයකින් ඉහළට

    ජූනි 19, 2014
    ගිනිගත්හේන, පොල්පිටිය බ්‍රෝඩ්ලන්ඩ් විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් දේපොළ අහිමිවූවන් සඳහා ලබාදෙනු ලබන වන්දි මුදල රුපියල් මිලියනයකින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.


    බ්‍රෝඩ්ලන්ඩ් විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් හා නිවාස අහිමිවූවන් විසින් බ්‍රෝඩ්ලන්ඩ් ඉඩම් හා නිවාස අහිමිවන්නන්ගේ සංවිධානයක් පිහිටුවා ගෙන ඇත. මේ සංවිධානය මඟින් තමන් සඳහා ලබා දෙන වන්දි මුදල ප‍්‍රමාණවත් නොවන බැවින් එම මුදල ඉහළ නංවා දෙන ලෙස නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා නුවරඑළිය දිස්ති‍්‍රක් නායක, පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතාගෙන් ඉල්ලීමක් කරන ලදී. 

     

    ඒ අනුව අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි පසුගියදා අඹගමුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව එක් හිමිකරුවෙකු සඳහා ලබාදෙන වන්දි මුදල ඇස්තමේන්තුගත මුදලට වඩා රුපියල් මිලියනයක් බැගින් වැඩි කිරීමට යෝජනා විය. විදුලිබල අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ඒ සඳහා සිය එකඟතාව පළකර ඇත.

     

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු බ්‍රෝඩ්ලන්ඩ් ඉඩම් හා නිවාස අහිමිවුන්ගේ සංවිධානයේ සභාපති වයි.එල්.ඒ. උපාලි මහතා තම සාමාජිකයන් සඳහා සහනයක් ලබාදීමට මැදිහත්වීම සම්බන්ධයෙන් පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යවරයාට, විදුලිබල අමාත්‍යතුමියට තම සංවිධානයේ ස්තූතිය පිරිනැමීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya