මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැගුම පිළිබඳ බදුල්ල දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ

    ජූනි 19, 2014
    2013 අංක 01 දරණ දිවි නැගුම පනත මඟින් ස්ථාපිත කරන ලද දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හා පරමාර්ථ පිළිබඳව බදුල්ල දිස්ත්‍රික්කයේ නිලධාරීන් දැනුවත් කිරීමේ එක්දින සම්මන්ත්‍රණයක් පසුගියදා බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
     
    මෙම අවස්ථාවේදී දිවි නැගුම වැඩසටහනට අදාළව විවිධ මාතෘකා ඔස්සේ විද්වතුන් කිහිපදෙනෙක් දේශණ පැවැත්වූහ. 
     
    ඒ අනුව “දිවි නැගුම ප්‍රජා මූල සංවිධාන ගොඩනැගීමේදී අනුගමනය කළ යුතු ක්‍රමෝපාය මාර්ග සහ ශිල්ප ක්‍රම” පිළිබඳ දේශනයක් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එච්.එම්.ඩී.ආර්. හේරත් මහතා විසිනුත්, “දිවි නැගුම සංවර්ධන ප්‍රවේශය” පිළිබඳ  විශේෂ දේශනයක් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උප කුලපති ආචාර්ය විජිත නානායක්කාර මහතා විසිනුත් සිදුකරන ලැබූහ.  “ක්ෂුද්‍ර මූල්‍ය සේවාවන් සැපයීම තුළින් දිළිඳුකම අඩු කිරීමට ඇති ඉඩ ප්‍රස්ථා” පිළිබඳ විශේෂ දේශනයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති නීතිඥ ඩබ්.එම්. කරුණාරත්න මහතා විසින් පැවැත්වන ලදී.
     
    “දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුණු ඉටුකර ගැනීම උදෙසා නිලධාරියාගේ කාර්යභාරය” පිළිබඳ විශේෂ දේශනයක් ද දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අමරානන්ද වීරසිංහ මහතා විසින් පවත්වන ලදී.
     
    බදුල්ල දිස්ත්‍රික් ලේකම් හා දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රෝහණ කීර්ති දිසානායක මහතාගේ උපදෙස් පරිදි බදුල්ල දිස්ත්‍රික් සහකාර සමෘද්ධි කොමසාරිස් ඒ.ඒ. ලක්මිණි අමරසේකර මහත්මිය ඇතුළු දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේ කාර්යමණ්ඩලය මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණ. 
     
    DB/BH/ Dmu badulla
     
    2
     
     
    3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya