මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට බේරාගැනීමේ කාර්යයේදී ජනාධිපතිතුමා අභියෝගයන්ට තනිව මුහුණ දුන්නා

    ජූනි 19, 2014
    රට බේරාගැනීමේ කාර්යයේදී ජනාධිපතිතුමා විදේශ තර්ජන ගර්ජනවලට මෙන්ම අපේ රටේ පීඩනයන්ට පවා තනිවම මුහුණ දුන් බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
     
    අද අපි ‘‘දිවි නැගුම’’ පිළිබඳව කතා කරන්නේ එතුමා රටට ලබාදුන් ජාතික නිදහස නිසා බවත් එසේ නොවුණි නම් පාසලේදී, පන්සලේදී, වැඩබිමේදී මෙන්ම මගතොටේදීත් කතා කළේ දිවි බේරා ගැනීම පිළිබඳව බවත් කීය.
     
    "2009 වසරේ යුධ වියදම රුපියල් බිලියන 175යි. අද එම මුදල් විවිධ සංවර්ධන කාර්යයන් සඳහා වැය කරනවා. නිදහසින් පසුව රට පාලනය කළ නායකයින් සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතර විශේෂ ලක්ෂණ ගණනාවක් තිබෙනවා. රට පිළිබඳ කාරණයේදී එතුමා ඉතා අභීතව, කිසිවෙකුට දණ නොගසමින් ඍජු තීන්දු තීරණ ගත්තා".
     
    මහින්ද රාජපක්ෂ මහතා පරද්දන එක ලේසි නැති නිසා සිංහල, බෞද්ධ, හින්දු, මුස්ලිම් ඡන්ද ලබාගත හැකි තුන් වන අපේක්ෂකයෙක් ගේන්න ඩයස් පෝරාවටත්, තානාපති කාර්යාලවලටත් වුවමනා වී තිබෙන බවද ඒ මහතා මෙහිදී අවධාරණය කළේය. 
     
    ‘‘දිවි නැගුම’’ ව්‍යාපෘතිය යටතේ පවත්වන ලද ගෘහ ආර්ථික වැඩසටහනේ ජයග‍්‍රාහක, ජයග‍්‍රාහිකාවන්ට කෘෂි උපකරණ හා ධීවර ආම්පන්න බෙදාදීමෙන් අනතුරුව පැවති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය. මෙම උත්සවය දෙවිනුවර ශ‍්‍රී විෂ්ණු දේවාලය අසල ‘‘හැපි කිඩ්ස්’’ පෙර පාසැල් පරිශ‍්‍රයේ දී පැවැත්විණි. දෙවිනුවර මැතිවරණ කොට්ඨාසයේ ග‍්‍රාම සේවක වසම් 41කට අයත් පවුල් 346කට මෙම ප‍්‍රතිපාදන ප‍්‍රදානය කරන ලදී.
     
    දකුණු පළාත් සභා මන්ත‍්‍රී කංචන විජේසේකර, දෙවිනුවර ප‍්‍රාදේශී සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB
     
    IMG 0092
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya