මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එ.ජා.ප.ය ප‍්‍රමුඛ විපක්‍ෂයට මේ රටේ දේශපාලන අනාගතයක් නෑ

    ජූනි 19, 2014

    රටත් ජාතියත් යළිත් වරක් බටහිර අධිරාජ්‍යවාදීන්ට පාවා දුන් එ.ජා.ප.ය ප‍්‍රමුඛ විපක්‍ෂයට මේ රටේ දේශපාලන අනාගතයක් නැතැයි උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා අවධාරණය කරයි.

     

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මියගේ තීරණය මත ශ‍්‍රී ලංකාවට එරෙහිව පැවත්වීමට නියමිත පරීක්‍ෂණය සිදු නොකළ යුතු බවට ගෙන ආ යෝජනාවට පක්‍ෂව ඡන්දය නොදුන් විරුද්ධ පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ක‍්‍රියා කලාපය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රධාන අමාත්‍යවරයා මේ අදහස් ප‍්‍රකාශ කළේය.

     

    එම නි‍‍‍වේදනයේ මෙසේද සඳහන් වේ.

    "ශ‍්‍රී ලංකාවේ හා ජාතියේ ඉරණම විසඳීමේ බලය ඊලාම් රාජ්‍යයට කත් අදින බටහිර අධිරාජ්‍යවාදීන්ට භාරදීම උදෙසා විරුද්ධ පක්‍ෂයේ නායකයා ප‍්‍රමුඛ විරුද්ධ පක්‍ෂය පාර්ලිමේන්තුව කටයුතු කළ ආකාරය පිළිබඳ ව මේ රටට, ජාතියට, සාමයට ආදරය කරන ජනතාව විමසුම් ඇසින් බලා සිටින බවත් කුරිරු යුද්ධයේදී ප‍්‍රභාකරන් වෙනුවෙන් පෙනී සිටි ඇතැම් දේශපාලන ඩොලර් කාක්කන් මැතිවරණ ගණනාවකදී තරයේ ප‍්‍රතික්ෂේප කළ මේ රටේ ප‍්‍රගතිශීලි ජනතාව රටටත් ජාතියටත් නැවත වරක් බටහිර අධිරාජ්‍යවාදීන්ට පාවා දුන් විරුද්ධ පක්‍ෂයට කිසි දිනෙක මේ රටේ රජවීමට ඉඩ නොදෙන බව ඉර හඳ සේ විශ්වාස බවද සඳහන් වේ.

     

    අධිරාජ්‍යවාදී යක්‍ෂයා සමඟ එකතු වී රටට සාමය උදාකළ සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාත් රණ විරුවනුත් ජාත්‍යාන්තරයට පවා දී හෝ පාලන බලය ලබා ගැනීම විරුද්ධ පාක්‍ෂිකයන්ගේ අරමුණ වුවත් මේ කප පවතින තුරු විරුද්ධ පක්‍ෂයට බලය ලබා දී තම දරු මුනුපුරන් අමු අමුවේ ඝාතනය වනු දැකීමට මේ රටේ ජනතාව සුදානම් නැති බවද" ප‍්‍රධාන අමාත්‍යවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya