මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ අවශ්‍යතා සහිත පෙරපාසල් දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමක්

    ජූනි 19, 2014
    විශේෂ අවශ්‍යතා සහිත පෙරපාසල් දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 

     

    දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් මත අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික්කයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ දෙමාපියන් 50කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ.

     

    මුල් ළමාවිය නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ ඒකකය විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහනෙහි විශේෂ දේශනය පවත්වන ලද්දේ නුවරඑළිය මහ රෝහලේ ළමා රෝග විශේෂ‍ඥ වෛද්‍ය ඉන්දිකා හේවගේ මහත්මිය විසිනි. එම උපදේශන සේවාවෙහි මුලික අරමුණ වූයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හඳුනාගැනීම, ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනික වටපිටාව හඳුනාගැනීම, ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සේවා, එමෙන්ම ඔවුන් වටා පවතින පවුල් පරිසරය සහ බාහිර පරිසරය පිළිබඳව අවබෝධය ලබා දීමයි. 

     

    මෙහිදී විශේෂ අවධානයට ලක් වූයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හැකිතාක් ස්වභාවික පරිසරයට සහ ස්වභාවික සෞන්දර්යට සමීප කරවීම වැදගත් වන බවයි. එය ඔවුන්ගේ මානසික සහ කායික යහ පැවැත්මට උපකාරී වන බව ද විශේෂ‍ඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

     

    මෙහිදී අදහස් දැක් වූ අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමිය පෙන්වා දුන්නේ සෙසු දරුවන්ටත් වඩා මෙම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් දැඩි අවධානයකින් යුතුව සුරක්ෂිත කළ යුතු බවයි. එමෙන් ම ඔවුන්ට අධ්‍යාපනික දැනුම ලබාදීම සීමා නොකළ යුතු බවත් එවැනි දරුවන් විවිධ හැකියාවන් මඟින් ලොව පුරා අවධානයට පාත්‍රවී ඇති බවත් පැවසුවාය.

    NDH/SH_dmu_nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya