මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතීන් අතර සංහිඳියාව සහ සහජීවනය ගැන නුවරඑළිය දැනුවත් කරයි

    ජූනි 19, 2014
    පසුගිය දිනවල බේරුවල, දර්ගා නගරයේ ඇති වූ කනගාටුදායක සිද්ධිය සම්බන්ධයෙන් ජාතීන් අතර සංහිඳියාව සහ සහජීවනය උදෙසා වූ විශේෂ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඊයේ (18) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.


    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු ආගමික නායකයන් ඇතුළුව ආරක්ෂක අංශ සහ සිවිල් සංවිධාන මූලිකත්වයෙන් මෙය පැවැත්විණි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජීවත් වන සියලු ජාතීන් නියෝජනය කරමින් විවිධ වූ පිරිස් සහ රාජ්‍ය අංශයේ නිලධාරීහු රැසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

     

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී සඳහන් කළේ මෙවන් වූ කනණගාටුදායක සිදුවීම් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇති නොවීමට කටයුතු කිරීම සියලුදෙනාගේ ප්‍රධාන වගකීමක් බවයි. 


    මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සහෝදරත්වයෙන් ජීවත්වන සියලු ජාතීන්ට අයත් පුරවැසියන්ගේ සමඟිය පිළිබඳව සියල්ලන්ගේම ඇගයීමට ලක් වූ අතර මේ දිස්ත්‍රික්කයේ සමඟිය සහ අන්‍යෝන්‍ය  අවබෝධය වර්ධනය කරලීම සඳහා යෝජනා රැසක් ද සාකච්ඡාවට ලක් කෙරිණි. 
     
    එහිදී ප්‍රමුඛ වූයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම මුස්ලිම් දේවස්ථානයන්හි ගරු පූජකතුමන්ලා විසින් සහ සියලුම ආගමික ස්ථානයන්හි ආගමික කටයුතු සඳහා සම්බන්ධ වන බැතිමතුන් මේ සම්බන්ධව දැනුවත් කර ඔවුන්ට උද්ඝෝෂණ, පෙළපාළිවලට සහභාගි නොවන ලෙස දැනුවත් කිරීමට පියවර ගැනීමයි. එසේම මෙවන් වූ ගැටුම් ඇතිවීම වැළැක්වීමට පාසල් ළමුන් මඟින් වැඩිහිටියන් දැනුවත් කිරීම කළ යුතු බවට මේ අවස්ථාව සඳහා සම්බන්ධ වී සිටි දිස්ත්‍රික්කයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලැබිණි. මෙහිදී නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පතිතුමා වෙතින් ඉදිරිපත් වූ යෝජනාව වූයේ නුවරඑළිය නගරයට වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන සංචාරකයන් පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතු බවත් ඒ පිළිබඳව සැකයක් ඇති වුවහොත් හදිසි දූරකතන ඇමතුම් මඟින් ඔවුන් දැනුවත් කරන ලෙසත්ය.

     

    මෙම වැඩසටහන් සඳහා සහභාගී වූ දිස්ත්‍රික් ජාතික ඒකාබද්ධතා නිලධාරී මඟින් ප්‍රාදේශීය මට්ටමින් ජාතික ඒකාබද්ධතා නිලධාරීන් දැනුවත් කර ඔවුන් හරහා සිවිල් සංවිධාන හා කමිටු පිහිටුවා මෙවන් ගැටුම් ඇති නොවීමටත් සහජීවනය ඇති කිරීමටත් වැඩසටහන් දියත් කිරීමට කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා විසින් උපදෙස් දෙන ලදී. 

     

    මෙවැනිම වූ සාකච්ඡා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සහ ග්‍රාම සේවා කොට්ඨාස මට්ටමින් සංවිධානය කිරීමටත් මෙහිදී පියවර ගෙන තිබූ බව නුවරඑළිය අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පැවසීය.

     

    NDH/SH_dmu_nuwaraeliya

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya