මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රස්සන්දෙනිය මහින්ද රාජපක්ෂ විද්‍යාලයට මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයක්

    ජූනි 19, 2014
    පාසල් 1000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මාතර රස්සන්දෙනිය මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉදිකිරීමට නියමිත මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයට මුල් ගල් තැබීම යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (20) පෙරවරුවේ සිදු කිරීමට කටයුතු යොදා ඇත.
     
    විද්‍යාගාරය ඉදිකිරීම සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 80 කි. 2015 දැයට කිරුළ ප‍්‍රදර්ශනයේ කොටසක් රස්සන්දෙනිය මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැවැත්වෙන බැවින් ඊට ප‍්‍රථම මෙම විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීමට නියමිතය.
     
    මුල්ගල් තැබීමේ අවස්ථාවට තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය හා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත‍්‍ර මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලන නායකත්වය සහ රාජ්‍ය නිලධාරීන් සහභාගි වීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya