මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුද්ධිමත්ව කටයුතු කරන ලෙස මහනුවර ආගමික නායකයන් ජනතාවගෙන් ඉල්ලයි

    ජූනි 19, 2014
    බේරුවල සහ අලුත්ගම ප්‍රදේශවල දෙපිරිසක් අතර පසුගියදා ඇති වූ ආකාරයේ නොසන්සුන්තාවක් නැවත ඇති නොවීමට වගබලා ගන්නා ලෙස මහනුවර ආගමික නායකයෝ, මහජනතාව වෙත දැනුම් දෙති. 


    මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඊයේ (18) රැස්වූ ආගමික නායකයන් විසින් රටේ සමස්ත ජනතාවගෙන් මෙම ඉල්ලීම කරන ලදී. මහනුවර දිසාපති එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතාගේ මඟපෙන්වීම මත පැවති මෙම රැස්වීම් සියල්ල ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් පවත්වන ලදී. 

    මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවති මෙම විශේෂ රැස්වීම මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසක සහ ගඟවටකෝරළේ දකුණ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සෙභාපති අලුත්ගම ධම්මානනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 
     
    රැස්වීම අමතමින් කරුණු පැහැදිලි කළ උන්වහන්සේ බේරුවල සහ අලුත්ගම ප්‍රදේශවල ඇති වූ අවාසනාවන්ත සිදුවීම තමන් වහන්සේ කිසි විටෙක අනුමත නොකරන බවත් එවැනි තත්ත්වයන්ට රුකුල්දීමෙන් වළකින ලෙසත් ජනතාව වෙත දැනුම් දුනි. එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවද මේ මොහොතේ ඉතා බුද්ධිමත්ව මේ පිළිබඳ විමසා බැලිය යුතු බවත් උන් වහන්සේ ප්‍රකාශ කරන ලදී. 

    සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල අනුශාසක හා මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේද මෙහිදී අදහස් දැක්වූ අතර ක්ෂණික කෝපය නිසා ඇති වූ මෙම ආවේගකාරී තත්ත්වය ගැටුමට මුහුණ දුන් දෙපාර්ශයවයම කනගාටුවිය යුතු බවත්  ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරතවෙමින් මෙවැනි ගැටලු විසඳීමට යෑම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ප්‍රකාශ කරන ලදී. මෙවැනි සිදුවීම් රටේ ආර්ථිකය මෙන්ම ජාත්‍යන්තරය ඉදිරියේ රටක් හැටියට විනාශයට පත්වීමට ඉඩ නොදී මෙම අර්බුදයෙන් මිදී කටයුතු කරන ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටියහ. 


    මහනුවර මීරාමක්කම් පල්ලියේ ප්‍රධාන මුස්ලිම් පූජක අයි.එම්. හිල්මි පූජකතුමා අදහස් දක්වමින් පැවසුවේ සෙසු රටවල් සමඟ සසඳන විට එම රටවලට වඩා ලංකාවේ සිංහල සහ මුස්ලිම් ජනතාව අතර මනා බැඳීමක් පවතින බවයි. එම බැඳීම පළුදු කර නොගැනීමට දෙපාර්ශවයම වගබලා ගත යුතු බව පැවසූ හිල්මි පූජකතුමා තම ජනතාව සිංහල ජනතාවට ආදරය කළ යුතු බවත් සිංහල ජනතාව මුස්ලිම් ජනතාවට ආදරය කළ යුතු බවත් පෙන්වා දුන්නේය. 
     

    මෙම විශේෂ රැස්වීම සඳහා මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී හඟුරන්කෙත සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහ‍න්සේලා රැසක් සහ එම්. ති‍ෆාස් පූජකතුමා ඇතුළු මුස්ලිම් පූජකවරුන් කිහිපදෙනක් සමඟ මහනුවර ගඟවටකෝරළේ ප්‍රාදේශීය ලේකම් තිස්ස කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.

     

    NDH/TA-dmu kandy

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya