සැමට සෙවණ සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක වන ජාතික වැඩසටහන යටතේ අඩුආදායම් ලාභීන් වෙත නිවාස ඉදිකිරීමේ තවත් අදියරක් බෙන්තර ඇල්පිටිය බටුවන්හේන 25 D ග්‍රාමසේවා වසමේදී පසුගියදා සිදුකළ අතර ඒ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙනි.
බෙන්තර ඇල්පිටිය ආසනය තුළ අඩුආදායම්ලාභී නිවාස ව්‍යපෘති 03 ක් ක්‍රියාවට නංවා තිබේ. ඉන් තෙවන ව්‍යපෘතිය ලෙස මෙම බටුවන්හේන 25 D වසමේ ව්‍යපෘතිය යටතේ නිවාස 25 ක් ඉදිකරනු ලබන අතර ඉන් දිලිදු පවුල් 25ක් වෙත නිවාස සිහිනය මල්ඵල ගන්වනු ඇත.