මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැමැති වුණත් අකමැති වුණත් තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න වෙනවා

    ජූනි 19, 2014
    අපි කැමැති වුණත් අකමැති වුණත් තොරතුරු තාක්ෂණය ඉගෙන ගැනීමට සිදු වන බවත් එය හෙට ලෝකයේ අවශ්‍යතාවක් වන අතර ඔබේ දරුවාට අවශ්‍ය වන තාක්ෂණික දැනුම ලබාදීමේ ජාතික වැඩපිළිවෙළ මහින්ද චින්තනයෙන් ආරම්භ කර තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    නාවලපිටියේ අනුරුද්ධ ජාතික පාසලේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීම හා මහින්දෝදය තාක්ෂණික විද්‍යා පීඨයට මුල්ගල තැබීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා සිදු කළ අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    ආච්චිලා, සීයලා තොරතුරු තාක්ෂණය ඉගෙන ගත්තේ නැති වුණත්, ඔබත් මමත් තාක්ෂණවේදී විෂය ඉගෙන ගෙන නැති වුණත් හෙට දවසේ ඔබේ දරුවාට තාක්ෂණික දැනුම අවශ්‍ය වන බවත් ඒ සඳහා සුපිරි යැයි සම්මත පාසල්වල පවතින සියලු සම්පත් ගමේ දරුවන්ට ලබාදීම මහින්දෝදය ද්විතීයක පාසල් 1000ක් ප්‍රතිනිර්මාණය කිරීම තුළින් සිදු වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 


    පොත් මිටිය වෙනුවට ලැප්ටොප් එක අරගෙන පාසල් යන යුගයක් එන බවත් වසර 120ක ඉතිහාසයක් තිබෙන මෙම පාස‍ලේ ප්‍රථමවරට පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයක්, පරිගණක 20කින් සමන්විත භාෂාගාරයක්, අංග සම්පූර්ණ ගණිතාගාරයක්, විද්‍යාගාරයක්, දුරස්ථ අධ්‍යාපන ඒකකයක් යන අංශවලින් සමන්විත ලක්ෂ 150ක ආයෝජනයකින් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

     

    උසස් පෙළ තාක්ෂණවේදී විෂය ධාරාව මෙම පාසලේ ආරම්භ කර තිබේ. ඒ සඳහා වන මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨය මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර විවෘත කිරීමට කටයුතු කරන බවත් මහනුවර නගරයේ තිබෙන සුපිරි යැයි සම්මත පාසල්වලට වඩා අනාගතයේදී නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසල ඉදිරියෙන් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 

    මෙම අවස්ථාවට ක්‍රීඩා කටයුතු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 

     

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya