මෙහිදී ළමා මනස හඳුනාගැනීම ගුරුවරයා හා ශිෂ්‍යයා අතර ඵලදායී සබඳතාවක් ගොඩනඟා ගැනීම සහ ළමා ආරක්ෂාව යන මාතෘකා පදනම් කරගෙන සිසුන් දැනුවත් කරන ලදි. මේ සඳහා 250ට ආසන්න සිසුන් පිරිසක් සහභාගි වූහ.
සම්පත් දායකත්වය සපයන ලද්දේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය හා මාතර දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසිනි.
මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ උපදේශකත්වය යටතේ මාතර දිස්ත‍්‍රික් ළමා ආරක්ෂක නිලධාරී ජේ.ඩබ්. රෝහණ කුමාරසිරි මහතා ඇතුළු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මාතර දිස්ත‍්‍රික් කාර්යාලය විසින් මෙම දැනුවත් කිරීම් වැඩසටහන සංවිධානය කරන ලදි.
DB/TI/Dmu matara