මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාගදීප ව්‍යාපාරයට මිලියන 1700ක වියදමින් තවත් ජලාශයක්

    ජූනි 19, 2014
    රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාගදීප ව්‍යාපාරයට ප්‍රමාණවත් තරම් වාරි ජලය නොමැතිවීමේ ගැටලුවට පිළියමක් ලෙස වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වැව් සියයේ වැඩසටහන යටතේ "මොරාණ වැව" ඉදිකිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතී.
     
    මේ සඳහා රුපියල් දස ලක්ෂ 1700ක මුදලක් වෙන්කොට ඇති අතර මෙම වැව ඉදිකිරීමෙන් අනතුරුව නාගදීප ව්‍යාපාරයේ යල මහ දෙකන්නයම වගා කිරීම සඳහා අක්කර 4700 කට පමණ වාරි ජලය ලබා දිය හැකිවේ.
     
    දෙකන්නය වගාකිරීමට තරම් අවශ්‍ය ප්‍රමාණවත් ජලය නොමැතිවීම හේතුවෙන් නාගදීප ව්‍යාපාරයේ වගා අක්කර දහසක් පමණ වගා කළ නොහැකි ව පැවතිණි.
     
    නාගදීප ව්‍යාපාරයේ කලක් තිස්සේ පැවති ජල ගැටලුවට විසඳුමක් ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් අදාළ නිලධාරීන්ගේ සහ ගම්වාසීන්ගේද සහයෝගය මත උල්හිටිය ඔයෙහි පහළ කොටසේ මොරාණ ප්‍රදේශයේ මෙම වැව ඉදිකෙරෙන බව මේ සම්බන්ධයෙන් අදහස්  දක්වමින් බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා පැවසීය.
     
    DB/BH Dmu badulla
     
    morana project 1
     
    morana project 2
     
    morana project 3
     
    morana project 5
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya