නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන රැස්වේ

    දෙසැම්බර් 20, 2016
    ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ රැස්වීම පසුගියදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
    මෙහි ප්‍රධාන දේශනය රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ශාක්‍ය නානායක්කාර මහතා විසින් සිදු කළේය. මේ අවස්ථාවේදී  2016 වර්ෂයේ ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධානයන් හි ප්‍රගතිය සමාලෝචනය කිරීම, 2017 වර්ෂයේ ඉදිරි වැඩ සැලැස්ම සාකච්ඡා කිරීම සහ සිවිල් සමාජ සංවිධාන දිස්ත්‍රික් සම්මේලනය පිහිටුවීම පිළිබඳ දැනුවත් කිරීමට ද කටයුතු කෙරිණි.
     
    ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන මෙරට රාජ්‍ය නොවන සංවිධාන 30ක නියෝජිතයෝ විශාල පිරිසක් මෙවර රැස්වීමට සහභාගී වූහ. ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක ඩබ්.ඒ.එන්.අයි. විජේසූරිය මහත්මිය විසින් මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.  
     
    AP/ DMU- Gampaha
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya