මෙහි දී අදහස් දැක් වූ දිස්ත්‍රික් ලේකම් එස්.ටී.කොඩිකාර මහතා සඳහන් කර සිටියේ කුඩා දරුවන්ට පවතින පහසුකම් එදාට වඩා අද දවසේ දියුණු තියුණු වී ඇති බවත් ඔවුන්ව යහ මගට ගැනීමේ අභියෝගයක් අප සතු වන බවත් ය. එමෙන් ම මත්ද්‍රව්‍ය වැනි අන්තරාදායක තත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දැන් සිටම කුඩා දූ දරුවන් පෙළ ගස්වා ඔවුන්ට අවබෝධය ලබා දිය යුතු බවත් ය.
මෙවර දිස්ත්‍රික් දිවි නැගුම කැකුළු සමාජ තරඟාවලියේ ශුරතාවය වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට හා අනුශුරතාවය කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට හිමි වු අතර එම ජයග්රාහකයින්ට ත්‍යාග හා සහතික පත් ලබා දීමද සිදු විය.
මෙම වැඩසටහන ගාල්ල දිස්ත්‍රික් දිවිනැගුම අංශය විසින් සංවිධානය කරනු ලැබිණ.
AP/DMU-Galle