මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනාන්තර සූරැකීමට වන ආරක්ෂණ කමිටු

    ජූනි 18, 2014
    දිවයින පුරා පවතින වනාන්තර සූරක්ෂිත කිරීම සඳහා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය; වන ආරක්ෂණ කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    විවිධ පුද්ගලයන් විසින් ඉතාම විනාශකාරි ලෙස සිදුකරනු ලබන වන අපරාධ වලක්වා වන සම්පත සුරක්ෂිත කර ගැනීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි.
     
    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට හසුවන සියලුම වනාන්තර ආශ‍්‍රිතව මෙම කමිටු පිහිටුවීම සිදුවන අතර ග‍්‍රාමීය, ප‍්‍රාදේශීය හා දිස්ත‍්‍රික් මට්ටම්වලින් මෙම කමිටු පිහිටුවීම සිදුවේ.
     
    ඉංගිරිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි දොඹගස් කන්ද රක්ෂිතය ආශ‍්‍රිතව ප‍්‍රථම ග‍්‍රාමීය වන ආරක්ෂණ කමිටුව දැනටමත් ආරම්භ කර තිබේ.
     
    ප‍්‍රදේශයේ අඩවි වන නිලධාරිගේ ප‍්‍රධානත්වයෙන් ග‍්‍රාමීය කමිටුව ක‍්‍රියාත්මක වන අතර එයට ග‍්‍රාම නිලධාරි, ආගමික නායකයන්, පොලිසිය හා ප‍්‍රදේශයේ ප‍්‍රභූවරුන් ඇතුළත් වෙති.
     
    ප‍්‍රාදේශීය හා දිස්ත‍්‍රික් කමිටු පිහිටුවීමද රාජ්‍ය නිලධාරින්, ආගමික නායකයන් ප‍්‍රභූවරුන්ද සම්බන්ධ කර ගනිමින් ඉදියේදි ආරම්භ කිරීමට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය කටයුතු කරනු ලැබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya