මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර පෙරපාසල් සඳහා දියර කිරි ලබාදීමට මසකට ලක්ෂ 6ක්

    ජූනි 18, 2014
    මාතර දිස්ත‍්‍රික්කයේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයන්හි දරුවන් සඳහා මසකට දින 20ක් එළකිරි වීදුරුව බැගින් ලබාදීමට රුපියල් ලක්ෂ 6ක් මාසිකව වැය කෙරෙන බව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    දිස්ත‍්‍රික්කයේ මුල් ළමාවිය පෙරපාසල් දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම හා දේශීය කිරි ගොවියා නගාසිටුවීමේ අරමුණින් මෙම වැඩසටහන ක‍්‍රියාවට නැංවේ.
     
    මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16ම ආවරණය වන පරිදි පෙර පාසල් 130ක මුල් ළමාවිය දරුදැරියන් 4000ක පිරිසකට මිලි ලීටර් 150 බැඟින් වූ නැවුම් එළකිරි වීදුරුවක් ලබාදීම මේ අනුව සිදු කෙරේ.
     
    අදාළ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල තිබෙන පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මධ්‍යස්ථාන, මිල්කෝ ආයතනය, මිල්කෝ ආයතනයේ ලියාපදිංචි කිරි ගොවි සමිති, අනෙකුත් කිරි ගොවි සමිති හා ප‍්‍රාදේශිය ලේකම්වරයාගේ අභිමතය පරිදි ඔහු සෑහීමකට පත්වන ප‍්‍රදේශයේ කිරි ගොවීන් මඟින් කිරි මිලදී ගැනීම සිදුකරයි.
     
    දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක කරන මෙම වැඩසටහන සඳහා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය මුදල් ප‍්‍රතිපාදන සපයයි.
     
    මාතර දිස්ත‍්‍රික්කයේ දැනට මේ සඳහා ඇතුළත් කර නොගත් පෙර පාසල් ද ඉදිරියේදී ලැබෙන මුදල් ප‍්‍රතිපාදන අනුව ඇතුළත් කර ගැනීමට කටයුතු කරන බව ජාතික ළමා ලේකම් කාර්යාලයේ මාතර දිස්ති‍්‍රක් කාර්යාල ස්ථාන භාර, දිස්ත‍්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරී මහේෂ් ප‍්‍රීතිකුමාර මහතා පවසයි.
     
    DB/ TI Dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya