මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද ගොවීන්ට ලොකු ලූනු වගාව පිළිබඳ විධිමත් පුහුණුවක්

    ජූනි 18, 2014

    උතුරු මැද පළාතේ ලොකු ලූනු වගාකරන ගොවීන්ට ලොකු ලූනු වගාව පිළිබඳ විධිමත් පුහුණුවක් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බව උතුරු මැද පළාත් සභාව පැවසීය.


    ඒ අනුව පළමු අදියරේ දී අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ලොකු ලූනු වගා කරන ගොවීන් 250 දෙනෙකුට මහඉලුප්පල්ලම බීජ පර්යේෂණ ආයතනයේදී පුහුණුව ලබා දීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇත.

    උතුරු මැද පළාතට අයත් අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත‍්‍රික්කවල ගොවීහු ලොකු ලූනු වගාවට යොමු වී ඇති අතර විධිමත් පුහුණුවක් හෝ දැනීමක් නොමැතිව ඔවුන් ලොකු ලූනු වගා කොට ඉහළ ආදායම් ලබා ගනිමින් සිටිති. මෙම ගොවීන්ට ලොකු ලූනු වගාව පිළිබඳ විධිමත් පුහුණුවක් ලබාදීමෙන් දැනට වඩා වැඩි අස්වැන්නක් ද ඉහළ ආදායමක් ද ලබා ගත හැකි අතර ලොකු ලූනු වගාවට තව තවත් ගොවීන් සම්බන්ධ කැර ගෙන උතුරු මැද පළාතෙන් රටට අවශ්‍ය ලොකු ලූනු නිෂ්පාදන කිරීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ බව ද එම පළාත් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya