මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැදට මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 83ක් හා තාක්‍ෂණ විද්‍යාපීඨ 22ක්

    ජූනි 18, 2014

    උතුරු මැද පළාතේ  මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 83ක් හා තාක්‍ෂණ විද්‍යාපීඨ 22ක් ඉදිකිරීම සඳහා උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා විසින් ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දී ඇති බව එම පළාත් සභාව පවසයි.


    මේ සඳහා රුපියල් කෝටි 467ක් වැය කෙරේ.

    මේ වන විට උතුරු මැද පළාතට අයත් අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත‍්‍රික්ක දෙකේ පාසල් 83ක මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ඉදිවෙමින් පවතී. පොලොන්නරුව රාජකීය විදුහලේ, මැදිරිගිරිය ජාතික පාසලේ, අනුරාධපුර හා රඹෑව මහ විදුහල්වල මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර විවෘත කරමින් සිසු අයිතියට පත් කර තිබේ. 

    අනුරාධපුර වලිසිංහ හරිස්චන්‍ද්‍ර මහ විදුහලේ මහින්දෝදය තාක්‍ෂණ විද්‍යාගාරය ඉදිකිරීම සඳහා උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මුල්ගල තැබීමට ද කටයුතු කළේය.

    තඹුත්තේගම මධ්‍ය මහා විදුහලේ තාක්‍ෂණ විද්‍යා පීඨයේ ඉදිකිරීම් කටයුතු අරඹා ඇති අතර 30  වසරක ත‍්‍රස්තවාදයෙන් උතුරු මැද පළාතේ අධ්‍යාපනය අඩාල වී තිබූ බවත් ජනාධිපතිතුමාගේත් රජයේත් උදව් උපකාර මත උතුරු මැද පළාතේ අධ්‍යාපනය ගොඩනැංවීමේ කාර්යයේ පළාත් සභාව නියැළි සිටින අවස්ථාවක තාක්‍ෂණ විද්‍යා පීඨ හා මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර ලබාදීම පිළිබඳව පළාත් සභාවේත් ජනතාවගේත් ප‍්‍රණාමය ජනාධිපතිතුමාට පුදකරන බව මේ පිළිබඳ අදහස් දැක්වූ ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පැවසීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya