මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිණ්ඩපාත චාරිකාවක් හෙට මාතලේදී

    ජූනි 18, 2014
    මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කරන ‍පිණ්ඩපාත චාරිකාවක් හෙට (19) මාතලේ නගරය කේන්ද්‍ර කොට ගෙන පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි මාතලේ අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.


    මෙම පිණ්ඩපාත චාරිකාව සඳහා විහාර පාර ධර්මරාජ පිරිවෙන, කූඹින්ගොඩ විද්‍යාශේකර මූල මහා විහාරය, විහාර පාර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන, බෝගහකොටුව ශ්‍රී විජයතිලකාරාමය, මැලදුම්පත සිරි නිකේතනාරාමය, ප්‍රදීපාරාම කන්දේ විහාරය සහ එම්.සී. පාර ශ්‍රී ශාක්‍යසිංහරාමය යන විහාරස්ථානවල වැඩ වසන්නා වූ භික්ෂුන් වහන්සේ 40 නමක්  පිණ්ඩපාත චාරිකාවට සහභාගි වනු ඇත.


    පිණ්ඩපාත චාරිකාව මාතලේ නගර ශාලාව ඉදිරිපිට බෝධිය අභියසින් පෙ.ව. 9.30ට ආරම්භ වී ධර්මපාල මාවත, ඔරලෝසු කණුව දෙසින් පහළට පිවිස ප්‍රධාන වීදිය ඔස්සේ රෝස වීදියෙන් විහාර පාරේ සංස්කෘතික මධ්‍යස්ථානයට ළඟා වීමට නියමිත බව සංවිධායක මණ්ඩලය පවසයි.


    NDH/GNK-ISB-dmu matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya