මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැඟුම දෙපාර්තමේන්තුව ගැන මාතලේ නිලධාරීන් දැනුවත් කරයි

    ජූනි 18, 2014
    දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම පිළිබඳ කලාප මට්ටමෙන් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන 20 දින පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා මාතලේ නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇති බව මාතලේ සහකාර සමෘද්ධි කොමසාරිස් කේ.ඩී. වික්‍රමසිංහ මහතා පැවසීය.


    ශක්තිමත් ප්‍රජාමූල සංවිධාන ජාලයක් ගොඩනැගීම අරමුණු කරගෙන 2013 අංක 01 දරන දිවි නැඟුම පනත මඟින් 2014 ජනවාරි 03 දින ස්ථාපිත කරන ලද දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුණු  සහ පරමාර්ථ පිළිබඳව නිලධාරීන් දැනුවත් කරන බව ද සහකාර කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවේදී දිවි නැඟුම සංවර්ධන ප්‍රවේශය පිළිබඳ  විශේෂ දේශනයක් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උප කුලපති ආචාර්ය විජිත නානායක්කාර මහතා විසින් පැවැත්වීමට නියමිතය. ක්ෂුද්‍රමුල්‍ය සේවාවන් සැපයීම තුළින් දිළිඳුකම අඩු කිරීමට ඇති ඉඩප්‍රස්ථා පිළිබඳ විශේෂ දේශනයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති නීතිඥ ඩබ්.එම්. කරුණාරත්න මහතාත් දිවි නැඟුම ප්‍රජාමූල සංවිධාන ගොඩනැගීමේදී අනුගමනය කළ යුතු ක්‍රමෝපාය මාර්ග සහ ශිල්ප ක්‍රම පිළිබඳ දේශනයක් උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ අමාත්‍යාශයේ ලේකම් ආචාර්ය විලී ගමගේ මහතා විසින් පවත්වනු ඇත. 


    දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුණු ඉටුකර ගැනීම උදෙසා නිලධාරියාගේ කාර්යභාරය පිළිබඳ විශේෂ දේශනයක් ද දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අමරානන්ද වීරසිංහ මහතා විසින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මාතලේ දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරී ගාමිණී අබේවික්‍රම මහතා ඇතුළු කාර්යමණ්ඩලය මෙම වැඩසටහන සංවිධානය කොට ඇත. 

    NDH/GNK-ISB-dmu matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya