මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාතික දිනයට සමගාමීව වැඩසටහන් රැසක්

    ජූනි 18, 2014
    සෑම ළමයෙකුම සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ආරක්ෂා කිරීම පිළිබඳව දැනුම අවබෝධය හා කුසලතාවන් ප‍්‍රජාව තුළ මෙන්ම ළමයින් තුළ ද වර්ධනය කිරීම හා ඒ සඳහා සිවිල් සමාජය ශක්තිමත් කිරීමේ අරමුණින් රට පුරා විසිරී සිටින සෑම දරුවෙකුම ශ‍්‍රමිකත්වයෙන් ආරක්ෂා කිරීම පදනම් කොටගෙන සෑම වසරකම ජුනි 12 දිනට යෙදෙන ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාතික දිනට සමගාමීව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දීප ව්‍යාප්තව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදි.
     
    ඒ අනුව ජුනි 09 දින සිට ජුනි 15 දින දක්වා සතියක කාලයක් තුළ මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 ම ආවරණය වන පරිදි වැඩසටහන් රැසක් සංවිධානය කර ක‍්‍රියාත්මක කෙරිණි.
     
    බස් නැවතුම් පොළ, මහජන පොළ, රෝහල්, පාසල් හා මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වෙත ගොස් වාචිකව ඔවුන් දැනුවත් කිරීම අත්පත‍්‍රිකා බෙදාහැරීම ආදී ක‍්‍රියාකාරකම් හරහා දැනුවත් කිරීම් සිදු කරන ලදි.
     
    මෙහිදී ළමයින් සම්බන්ධ ගැටලුකාරී තොරතුරක් ලැබුණහොත් හෝ දුටුවහොත් ඒ සම්බන්ධව 1929 ළමා දූරකතන සේවයට වාර්තා කිරීම කළ යුතු බව, ළමා ශ‍්‍රමය පිටුදැකීම හා පාසල් වයසේ පසුවන සෑම ළමයෙකු ම පාසල් යා යුතු බව, තමාගේ දරුවන් ගැන මෙන් ම අනෙක් දරුවන් පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව හා දරුවන් හට තම ශරීරය තමන්ගේම යන්න පිළිබඳවත් එය ආරක්ෂාකර ගැනීම පිළිබඳවත් දැනුවත් කිරීම යනාදිය සම්බන්ධයෙන් විශේෂයෙන් ජනතාව දැනුවත් කිරීම සිදු කොට ඇත.
     
    මෙම දැනුවත් කිරීමේ කටයුතු සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ගම් මට්ටමින් 
    දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක‍්‍රියාත්මක ළමා ආරක්ෂක ක‍්‍රියාකාරීන්ගේ ජාලය, දිස්ත‍්‍රික් ළමා ආරක්ෂක නිලධාරීන්, දිස්ත‍්‍රික් මනෝ සමාජීය නිලධාරීන්, ප‍්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් හා ග‍්‍රාමීය ස්වේච්ඡා සංවිධාන ක‍්‍රියාකාරීන් සහභාගි වූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මාතර දිස්ත‍්‍රික් කාර්යාලයේ ස්ථානභාර, දිස්ත‍්‍රික් ළමා ආරක්ෂක නිලධාරී ජේ.ඩබ්. රෝහණ කුමාරසිරි මහතා පැවසීය.
     
    DB/ TI Dmu matara
     
    IMG 1125
     
     
    IMG 1161
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya