මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ල බන්ධනාගාරය නව ස්ථානයකට

    ජූනි 18, 2014
    බදුල්ල බන්ධනාගාරය දැනට පවතින ස්ථානයෙන් ඉවත්කොට නගරයෙන් පිටත ස්ථාපිත කිරීමට රජය තීරණය කොට ඇති අතර එලෙස බන්ධනාගාරය විතැන් කෙරෙන නව භූමි භාගය නිරීක්ෂණය කිරීමට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
     
    බන්ධනාගාරය තුළ තදබදය අවම කොට රැඳවියන් සඳහා පහසුකම් සහිතව ඔවුන් පුනරුත්ථාපනට පහසුවන ලෙස නව බන්ධනාගාරය පිහිටුවීමටත්, දැනට පිහිටි බන්ධනාගාරය ඉවත් කොට එම භූමිය ආර්ථික වශයෙන් ඵලදායි වූ රජයේ වෙනත් සංවර්ධන කාර්යයකට යොදාගැනීමටත් මෙම බන්ධනාගාරය විතැන්කිරීම තුළින් බලාපොරොත්තු වන බව අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා එහිදී පැවසීය.
     
    එසේම නව බන්ධනාගාරය ඉදිකිරීමේදී සැලකිළිමත් විය යුතු කරුණු රාශියක් පිළිබඳව ද අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 
     
    ඌව පළාත් සභා මන්ත්‍රී අජිත් ලියනගේ, බදුල්ල සහකාර බන්ධනාගාර අධිකාරී සුමිත් 
    දසනායක, තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ සහකාර බන්ධනාගාර අධිකාරී සෙනරත් බණ්ඩාර, බදුල්ල බන්ධනාගාර ප්‍රධාන ජේලර් එස්.ආර්. ගලප්පත්ති යන මහත්වරුන් ඇතුළු බන්ධනාගාර නිලධාරීන්, බන්ධනාගාර පුනරුත්ථාපන නිලධාරීන් හා සිරකරු සුභසාධන සංගමයේ නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
     
    DB/ BH Dmu badulla
     
    badulla prison 1     badulla prison 2
     
     
    badulla prison 3      badulla prison 4
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya