මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර ගොවි සතියට සමගාමී වැඩසටහන්වලට ලක්ෂ 55ක්

    ජූනි 18, 2014
    මාතර දිස්ත‍්‍රික්කයේ පැවැත්වීමට නියමිත ගොවි සතියට සමගාමීව තරුණ ප‍්‍රජාව කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය වෙත යොමු කරගෙන ඔවුන් දිරිමත් කරීම සඳහා සහ වාණිජ මට්ටමින් පවත්වාගෙන යන ගොවිපළ වඩාත් ශක්තිමත් කිරීම සඳහා ක‍්‍රියාත්මක කිරීමට නියමිත තරුණ කෘෂි ව්‍යවසායකත්ව හා වාණිජ ගොවිපළ වැඩසටහන් සඳහා රුපියල් ලක්ෂ 55ක් වෙන් කර තිබේ.
     
    තරුණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහන සඳහා රුපියල් ලක්ෂ 35ක් වෙන් කර තිබෙන අතර ඒ සඳහා තරුණ කෘෂි ව්‍යවසායකයින් 38ක් තෝරාගෙන ඇත. වාණිජ ගොවිපළ වැඩසටහන සඳහා රුපියල් ලක්ෂ 20ක් වෙන් කර ඇති අතර ඒ සඳහා ගොවීන් 39ක් තෝරාගෙන තිබේ.
     
    විධිමත්ව සම්මුඛ පරීක්ෂණ මඟින් තෝරාගන්නා ලද මෙම පිරිසට අභිමත පරිදි කෘෂි කාර්මික උපකරණ, මිරිදිය මත්ස්‍ය වගාව සඳහා අවශ්‍ය උපකරණ, සත්ත්ව පාලන කටයුතු සඳහා අවශ්‍ය උපකරණ, පැළ වර්ග, වතුර පොම්ප, ගවමඩු හා ආරක්ෂිත ගෘහ ආදී තම කටයුතු සඳහා අවශ්‍ය දෑ ලබාගත හැකි ය. 50%ක ණය පදනම මත මෙම ආධාර මුදල් ලබාදෙයි. කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් ප‍්‍රතිපාදන සපයයි.
     
    තෝරාගන්නා ලද ගොවීන් දැනුවත් කිරීම සඳහා වැඩසටහනක් මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දින මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි. 
     
    මේ අවස්ථාවට මාතර දිස්ත‍්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය සුජතා වීරසිංහ මහත්මිය ඇතුළු කෘෂිකර්ම අංශයේ නිලධාරීන් හා තෝරාගන්නා ලද ගොවීහු සහභාගි වූහ.
     
    DB/ TI Dmu matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya