මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලක්ෂ 11,880ක වියදමින් බදුල්ල පානීය ජල ව්‍යාපෘතිය ඇරඹෙයි

    ජූනි 18, 2014
    රුපියල් ලක්ෂ 11,880ක පමණ වියදමින් ඉදිකිරීමට අපේක්ෂිත බදුල්ල, හාලි ඇළ, ඇල්ල ඒකාබද්ධ පානීය ජල යෝජනා ක්‍රමය සඳහා මුල්ගල් තැබීම ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු දේශපාලන නායකයින් රැසකගේ සහභාගීත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.
     
    ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන හා ඇමෙරිකානු ණය ආධාර මත ඉදිකෙරෙන මෙම පානීය ජලයෝජනා ක්‍රමය මඟින් බදුල්ල, හාලි ඇළ හා ඇල්ල යන කොට්ඨාසයන්හි පවුල් 11,000කට පමණ පානීය ජලය ලබාදීමට අපේක්ෂා කෙරේ.
     
    බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ 7 කණුව ජම්බෝලගස් මණ්ඩිය නම් ස්ථානයෙහි මෙම ජල යෝජනා ක්‍රමයට අදාළ ඉදිකිරීම් සිදුකෙරේ. ලක්ෂයකට අධික පිරිසකට මෙමඟින් පානීය ජල පහසුකම් සැපයිය හැකි බවද ඉතා කඩිනමින් මෙහි ඉදිකිරීම් නිමකිරීමට සැලසුම්කොට ඇති බවද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීහු පවසති.
     
    මෙම ජල යෝජනා ක්‍රමයට මුල්ගල් තැබීමේ අවස්ථාවට වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා, සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඌව පළාත් ආණ්ඩුකාර සී. නන්ද මැතිව්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර, චාමික බුද්ධදාස, උදිත් ලොකුබණ්ඩාර යන මහත්වරුන් ද ඌව පළාත් සභා මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇතුළු පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රැසක් ද රාජ්‍ය නිලධාරීන් හා ජනතාව විශාල පිරිසක්ද සහභාගිවී සිටියහ.
     
    DB/ BH Dmu badulla
     
    BADULLA WATER PROJECT 1      BADULLA WATER PROJECT 4
     
     
    BADULLA WATER PROJECT 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya