මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළමනාකාර සහකාර පුහුණුවක් අනුරාධපුරදී

    ජූනි 18, 2014

    අනුරාධපුර‍ දිස්ත්‍රික්කයේ රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට බඳවා ගත් නවක නිලධාරින් පිරිසකට සේවාරම්භක පුහුණුව ලබාදීම  මේ දිනවල සිදු කෙරේ.


    අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා එය ආරම්භ වූ අතර පුහුණුව දින දහයක් පැවැත්වේ.


    මෙහිදී  පුහුණුව ලබන පිරිස 55දෙනෙකි. 2011 සහ 2013 වර්ෂවලදී රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට එක්ව මෙතෙක් සේවාරම්භක පුහුණුවකට සහභාගී නො වු සහ 2014 වර්ෂයේ ජනවාරි මාසයේ දී කළමනාකරණ සහකාර සේවයට ‍එක්වු පිරිසකට මෙලෙස සේවාරම්භක පුහුණුව ලබාදේ.


    රාජ්‍ය සේවය හා රාජ්‍ය නිලධාරියා, රජයේ සේවයට අදාළ නෛතික රාමුව, ආයතන සංග්‍රහ විධිවිධාන, ඵලදායිතාව, මුදල් රෙගුලාසි, භෞතික වත්කම් කළමනාකරණය, යහපත් මහජන සම්බන්ධතාව ආදී ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව මෙහිදී පුහුණුව ලබා දීමට නියමිතය.
    සැසිය ආරම්භ කරමින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, තමන්ට පැවරෙන කාර්යයන් හෙවත් තම වගකීම් නොපිරිහෙලා ඉටු කරන අතරතුර තමන් නොපැවරෙන දෑ වුවද සමාජ හිතකාමීත්වය සලකා ක්‍රියාත්මක කරන වගවීමක් සහිත පුද්ගලයකු බවට කළමනාකර සහකාරවරයා පත්විය යුතු වීම කාලීන අවශ්‍යතාවක් බවයි.

     
    ECB/SB_dmu_Anuradapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya