ඔක්තෝබර් 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උදන්විට විහාරස්ථානය සංවර්ධනය කෙරේ

    ජූනි 17, 2014
    වර්ෂ 1866 දී සුප්‍රකට උදන්විට වාදය පැවැත් වූ රඹුක්කන උදන්විට විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇත.
     
     
    ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධයට උදන්විට වාදය තුළින් විශාල පිටුවහලක් ලැබිණි. එසේම ලංකාවේ අවසන් මහරහතන් වහන්සේ වන මලියදේව මහ රහතන් වහන්සේ ද මෙම විහාරස්ථානයේ වැඩ වාසය කොට ඇතැයි සැලකේ. 
     
    මෙම සංවර්ධන වැඩසටහනට සමඟාමීව ගරාවැටී තිබුණ පෞරාණික ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමටත්, සලපතල මළුව ඉදිකිරීමටත් නියමිතය. 
     
    කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතාගේ විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ හා සබරගමු පළාත් සභා ප්‍රතිපාදන යටතේ මෙම සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
     
    ECB/LT_dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya