මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිල්ලේ මහත්මියගේ ක්‍රියා කලාපය එ.ජා සංවිධානයට කැළලක්

    ජූනි 17, 2014
    නවනිදන් පිල්ලේ මහත්මිය තමන්ගේ බලතල ඉක්මවා පක්ෂග්‍රාහි ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව මෙම ගෙන යන ක්‍රියා මාර්ග, එක්සත් ජාතින්ගේ සංවිධානයේ කිර්ති නාමයට විශාල හානියක් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය. 
     
    ඒ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා යුධ අපරාධ පිළිබඳ විමර්ශනයට කණ්ඩායමක් පැමිණීම සම්බන්ධව ප්‍රාදේශීය මන්ත්‍රිවරුන් දැනුවත් කිරීම සඳහා පසුගියදා රත්නපුර නගර ශාලාවේදී පැවති සාකච්ඡාවට එක්වෙමිනි.
     
     "දශක තුනකට අධික කාලයක් කුරිරු මිලේච්ඡ ත්‍රස්තවාදයෙන් අපි බැටකෑවා. අපිට අහිමි වූ ජිවිත දේපල මිල කළ නොහැකියි. ත්‍රස්තවාදය පරාජය කළ ආකාරය පිළිබඳ බටහිර රටවලට තාමත් තිබෙන්නේ ප්‍රශ්නාර්ථයක්, අපි කොහොමද මේක කළේ කියලා. අනික එල්.ටී.ටී.ඊ. සංවිධානය ගැන ඔවුන්ට තිබු‍ණේ අධිතක්සේරුවක්. අපි මේ මිලේච්ඡ ත්‍රස්තවාදය අපේ න්‍යාය‍ට, අපේ උපක්‍රමවලට අනුව පරාජය කළා. මේක ඇමරිකාව, බ්‍රිතාන්‍ය, නෝර්වේ, කැනඩාව ඇතුළු රටවලට විශාල මදි පුංචිකමක් වුණා. මේ නිසා අපිට විරුද්ධව මානව හිමිකම් චෝදනා ගෙනල්ලා අපිව දැන් හිර කරන්න තමයි උත්සහ කරන්නේ" යැයි ද අමාත්‍යවරයා පැවසිය.
     
    "එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව සෑම රටක්ම ස්වෛරී නිදහස් රටවල්. එම රටවල්වල අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වීම එම රටවල ස්වෛරීත්වය සෘජුවම අභියෝගයට ලක් කිරීමක්. අද මානව හිමිකම් කොමිසමත් ඇමරිකාව ඇතුළු බලවත් රටවල් කිහිපයක බලපෑමට හසුවෙලා. ඇත්තටම මේක සැලසුම් සහගත ලෙස බලය අයුතු ලෙස භාවිත කිරීමක්. පසුගිය මානව හිමිකම් සැසිවාරයේදි අපිට විරුද්ධව ඡන්දය දුන් රටවල් ඇමරිකාවට තියෙන බයට තමයි අපට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ" යැයි කීය.
     
    නවනීදන් පිල්ලේ මහත්මිය තම ධූරයේ අවසන් කාලයේ ශ්‍රී ලංකාවේ බෙල්ලට තොන්ඩුව දැමීමට සැරසුණු අවස්ථාවේ දී දෙමළ ජාතික සන්ධානය ඒ සඳහා අවශ්‍ය සහයෝගය වගේම සාක්ෂිකරුවන් ලබාදෙන බවත්, ඒ සම්බන්ධයෙන් උතුරේ ජනතාව දැනුවත් කරන අතරම  ඔවුන් මෙම විමර්ශන කමිටුව පිළිබඳව විශාල බලාපොරොත්තුවකින් පසුවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya