මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපාධිධාරී භික්ෂූන් වහන්සේලා හා සෙසු ආගමික පූජකවරුන් ගුරු සේවයට

    ජූනි 17, 2014

    උපාධිධාරී අභ්‍යාසලාභී භික්ෂූන් වහන්සේලා හා සෙසු ආගමික පූජකවරුන් 412 දෙනෙකු ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 ශ්‍රේණියට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


    භික්ෂූන් වහන්සේලා, කතෝලික ආගමික පූජකවරුන්, ඉස්ලාම් ආගමික පූජකවරුන්, හින්දු ආගමික පූජකවරුන් මේ අතර වූහ. දිවයිනේ සෑම පළාතකම පවතින පුරප්පාඩු සඳහා ආගම ඉගැන්වීමට මේ පිරිස ස්ථානගත කර තිබේ.


    තොරතුරු තාක්ෂණ උපාධිධාරී ගුරුවරුන් 400ක්, ඉංග්‍රීසි උපාධිධාරී ගුරුවරුන් 900ක්, තාක්ෂණවේදී ගුරුවරුන් 1500ක් බඳවා ගැනීමේ පුරුප්පාඩු තිබෙන බවත් ඉංග්‍රීසී උපාධිධාරී ගුරුවරුන් නොමැති නිසා ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමට කැබිනම් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.


    තාක්ණවේදී ගුරු පුරප්පාඩු සඳහා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයෙන් උපදේශවරුන් බඳවා ගෙන තිබෙන අතර මීට අමතරව NVQ -5 මට්ටමේ පිරිසක් පුහුණු කර පාසල් පද්ධතියට බඳවා ගැනීමට නියමිත බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    පරිගණක 40කින් යුතු පරිගණකාගාර 1000ක්, පරිගණක 20කින් යුතු භාෂාගාර 1000ක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකක 1000ක්, ගණිතාගාර 1000ක්, විද්‍යාගාර 1000ක් අද්‍යතන ලෝකයට ගැළපෙන ආකාරයෙන් හදපු එකම ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. මානව සම්පතද ඒ අනුව වර්ධනය කරමින් ගුරුවරුන් මේ වන විට 60,000ක් බඳවාගෙන තිබෙන බවත් මුදල් ගෙවා ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නා පිරිස් උසස් පෙළ කිරීම සඳහා අම්පාර, පොලොන්නරුව, නුවරඑළිය වැනි ඉසෙඩ් අගය අඩු ප්‍රදේශවල පාසල්වලට ඇතුළත් වීමේ සූක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් ඔහු පෙන්වා දුන්නේය.


    අධ්‍යාපනයේ 25 වැනි වගන්තිය ඉවත් කළොත් හෝ සංශෝධනය කළොත් වරප්‍රසාද ඇති පිරිසට පමණක් අධ්‍යාපනය හිමි වන බවත් ඒ නිසා නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම සඳහා 25 වන වගන්තිය අතිශයින්ම වැදගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya